අරලිය ගහ මන්දිරයේ ඊයේ (04) පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමද වර්ජනය කිරීමට විමල් ඇතුලු කැරලිකාර කණ්ඩායම කටයුතු කිරීමත් සමග තවත් අවස්ථාවක් ඔවුන්ට ලබා දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව ලබන 11 වැනිදා නැවත වතාවක් පක්ෂ නායක රැස්වීමක් කැදවීමට අගමැතිවරයා පියවර ගෙන තිබේ.
මෙවර විමල් පිල පක්ෂනායක රැස්වීම වර්ජනය කළේ දෙවැනි වතාවටය.
ඒ, පක්ෂ නායක රැස්වීමට වෙනත් පුද්ගලයන්ටද ආරාධනා කර ඇති බව කියමිනි.










