දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති යුද්ධය අවසන් කිරීමේ මෙහෙයුමේ දී සටන් කළේ ත්‍රස්තවාදීන් සමඟ මිස දෙමල ජනතාවට එරෙහිව නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. Sri Lanka Latest News
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ත්‍රස්තවාදය මේ රටින් අවසන් කරන්න හැකියාව ලැබුණු බව පෙන්වාදෙන ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටට ද්‍රෝහී වුණු කණ්ඩායමක් නොවන බවද හැමදාම මේ රටට ආදරය කරන දේශපාලන බලවේගයක් බවද පෙන්වාදෙයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ දඹුල්ල නගරයේ දී (15) දා පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ආසන ජනහමුව අමතමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රට ගොඩනඟපු දේශපාලන බලවේගයක්. ඒවගේම රටට වැඩකරපු කණ්ඩායමක්. දඹුල්ලට වගේම සමස්ත රටටම සංවර්ධනයක් ගෙනාවා නම් ඒ ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ. අපිට එදා සැලැස්මක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා එදා අධිවේගී මාර්ග හදලා උතුරත් දකුණත් යා කරමින් මේ රටේ මාර්ග සංවර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඒ වගේම අපිට එදා දැක්මක් තිබුණා. අපිට අවශ්‍යව තිබුණා එදා අධිවේගී මාර්ග ස්ථාපිත කරමින් මහනුවර කන්ද උඩරට දක්වා මාර්ග සංවර්ධනය කරන්න. අනෙක් පැත්තෙන් අධිවේගී මාර්ගය දඹුල්ලට ගේන්න. අවාසනාවකට යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු මෙම අධිවේගී මාර්ගය ස්ථාපිත කිරීමට අවශ්‍ය කාරණා හෝ අධිවේගී මාර්ග පිළිබඳව අවබෝධයක් තිබුණේ නෑ.
ඇතැම් දේශපාලඥයෝ හිතුවේ මේ අධිවේගී මාර්ග ස්ථාපිත කරන්නේ ඇඹුල් තියල් ගෙනියන්න කියලා. මහා මාර්ග කාපට් කරන්නේ කොන්ක්‍රීට් කරන්නේ කන්න ද කියලා අහපු දේශපාලඥයෝත් හිටියා. නමුත් අද මම සතුටු වෙනවා. ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස බැලූවිට මෙම අධිවේගී මාර්ග පද්ධතිය සහ එයින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සඳහන් කර තිබෙනවා. මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. අද ඒ අය මේක යථාර්ථවාදීව දැකීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. නමුත් 2015 ට පෙර මෙම සංවර්ධන යෝජනා ක්‍රම දෙස කුහකත්වයෙන් බැලීම පිළිබඳව මම කණගාටු වෙනවා. අපිට අවශ්‍යතාවය තිබුණා දඹුල්ල කේන්ද්‍ර කරගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා වගේම ලංකාවේ ආර්ථික මධ්‍යස්ථානයේ විදියට ගොඩනැගී තිබෙන දඹුල්ල ඊළඟ පියවර දක්වා රැගෙන යන්න.
එක් පැත්තකින් අධිවේගී මාර්ග සම්බන්ධ වනවිට තාක්ෂණය බද්ධ කරගත් කර්මාන්ත දඹුල්ලේ ගොඩනැගෙන විට දඹුල්ලේ දෙමාපියන්ගේ දරුවන්ට ඉහළ වැටුපක් ලබාගත හැකි රැකියාවලට යොමු කරන්න අවශ්‍ය වෙනවා. අපිට දැක්මක් සහ සැලැස්මක් තිබෙනවා. අධිවේගී මාර්ග පද්ධතිය තුළ මේ රට යා කළ යුතුයි කියන ස්ථාවරයේ අපි පැහැදිලිවම ඉන්නවා. ඒ වගේම ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම තුළ ගමේ පාර හදන්න ඕන කියන තැන අපි ඉන්නවා. අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගන්නවා වගේම ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ඊළඟ පරම්පරාවට ලබාදිය යුතුයි කියන තැන අපි ඉන්නවා. වවන්න පුළුවන් හැම බිම් අඟලකම වගා කරන්න ඕන කියන ස්ථාවරය අපි ඉන්නවා. අපි පිටින් ගෙනල්ලා කන්න දෙන්න උත්සාහ කරන ආණ්ඩුවක් නොවෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ ගොවියා, කම්කරුවා, ධීවරයා විශ්වාස කරන දේශපාලන බලවේගයක්. ඒ වගේම අපි දේශීයත්වය අගය කරනවා. අපි අපේ සංස්කෘතිය අගය කරනවා. මේ මහපොළොවේ යථාර්ථය පිළිබඳව අවබෝධයෙන් ජීවත් වෙනවා. අපි අපේ සංස්කෘතිය ආරක්ෂා කරන ගමන් බෞද්ධ සංස්කෘතියෙන් ගොඩනැගුණු මේ මාතෘභූමිය ආරක්ෂා කරන ගමන් අනෙක් සංස්කෘතීන් ද ආරක්ෂා කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. තවත් පැත්තකින් අනාගතයේ දකින ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න අවශ්‍ය පැහැදිලි දැක්මක් සහ වැඩපිළිවෙලක් සමඟ කටයුතු කරනවා. අපේ වයස්වල තරුණ තරුණයන්ගේ අවශ්‍යතා පිළිබඳව අපි දන්නවා. මෙම තරුණ තරුණියන්ගේ හෙට දවසේ අවශ්‍යතා පිළිබඳව ද අවබෝධයක් තිබෙනවා.
මේ රටේ ගොඩනැගෙන දැවැන්ත ආර්ථික පරිවර්තනය තුළ 2035 වනවිට අපේ මාතෘ භූමිය අපි දියුණුම රට බවට පරිවර්තනය කිරීමේ හැකියාව අප සතුව තිබෙනවා. අපි ඒක කරනවා. මේක කරන්න අපිට උවමනාවකුත් තිබෙනවා. අපි වැඩකරපු දේශපාලන බලවේගයක්. අපි මේ රටට වැඩකර තිබෙනවා. අද දවසේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් සියලු දෙනාටම අපි සුභ පතනවා. ඔවුන් සාමාන්‍ය පෙළ විභාගය ලියා අවසන් වූ වහාම මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ නූතනත්වය සහ නවීකරණය රැගෙන එන බවට අපි පොරොන්දු වෙනවා. ඒ තුළ දරුවන්ට උසස් පෙළ විභාගය ලියා විශ්ව විද්‍යාලයට යනවා ද අනෙක් පැත්තෙන් නිපුණතාවය, කාර්මික පුහුණුව, වෘත්තීය පුහුණුව වගේම ව්‍යවසායක වෙනව ද යන්න තීන්දු කිරීමේ අයිතිය ඒ දරුවන්ට අපි ලබා දෙනවා. නූතන ලෝකයට අවශ්‍ය දරුවකු ගොඩනඟන්න අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රතිව්‍යුහකරණය අපි සිදුකරනවා.
සියලු පාසල් වගේම සියලු රෝහල් ජාලගත කලයුතු වෙනවා. පාසල සහ රෝහල ජාලගත කිරීම තුළ ගුරුහිඟය වෙන්න පුළුවන් වෛද්‍යවරු සහ හෙද හෙදියන්ගේ හිඟය වෙන්න පුළුවන් අනෙකුත් කාර්ය මණ්ඩලවල හිඟය වෙන්න පුළුවන් මෙම ගැටළු සඳහා නිශ්චිත පිළිතුරක් ලබාදීමට හැකියාව ලැබෙනවා. නිවැරදි දත්තයන්ට අනුකූලව රාජ්‍ය යාන්ත්‍රණය පාලනය කරන්න පුළුවන් වැඩපිළිවෙල සහ තාක්ෂණය අපි හඳුන්වා දෙනවා. මේ රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ජීවත්වන තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කළයුතු වෙනවා. රැකියා උත්පාදනය කරන්නත් එක් පැත්තකින් ව්‍යවසායකයා ශක්තිමත් කළ යුතු වෙනවා. ග්‍රාමීය හා සමුපකාර බැංකු පද්ධතිය ව්‍යවසායකයන්ට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදෙන්න පියවර ගන්නවා. තවත් පැත්තකින් දේශීය හා විදේශීය ව්‍යවසායකයින් හරහා හැම මැතිවරණ කොට්ඨාශයකම කර්මාන්තශාලා ස්ථාපිත කරනවා.
ඒ තුළ ගමේ තරුණයාගේ විරැකියා ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙනවා. අපිට ඉලක්කයක් තිබෙනවා. ඊළඟ අවුරුදු දහය ඇතුළත තාක්ෂණික ක්ෂේත්‍රය හා මේ රටේ නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් රැකියා ලක්ෂ විස්සක් බිහි කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙළ තුළ මේ රටේ තරුණ තරුණියන් අපේක්ෂා කරන ආදායම උත්පාදන මාර්ග බිහිකරන්නත් අපට හැකියාව ලැබෙයි කියා විශ්වාස කරනවා. අපි මේ රටට ද්‍රෝහී වුණු පිරිසක් නොවෙයි. අපි හැමදාම මේ රටට ආදරය කළ පිරිසක්. අපි මේ මහ පොළොව ආරක්ෂා කළ අය. එදා මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සමඟ යුද්ධ කළේ දෙමළ ජාතියත් එක්ක නොවෙයි. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟයි. එම ත්‍රස්තවාදී සංවිධානය විසින් එක් පැත්තකින් දඹුල්ලට අනෙක් පැත්තෙන් මම ජීවත්වන හම්බන්තොට දිස්ත්‍රික්කයට රන්මිණිතැන්නට එහා පැත්තෙන් මාතරට ප්‍රහාර එල්ල කළා.
බොහෝ නායකයෝ මේක මග හැරියා. ඒ වගේම සටන් පාඨයක් විදිහට තමන්ගේ ආරක්ෂාවට හෝ වෙනත් හේතුවක් මත ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කළේ නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඔබ එදා ඉල්ලුවේ මේ රට නිදහස් කර දෙන්න කියලයි. ඒ අනුව වසර තුනක් ඇතුළත රටට නිදහස ලබා දුන්නා පමණක් නොව එතුමාගේ පාලන කාලය තුළ ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පරිවර්තනය කළා. ඒ මාර්ගයේ ගමන් කරමින් ඊළඟ වසර දහය ඇතුළත මේ මාතෘ භූමිය වැඩබිමක් බවට පරිවර්තනය කරනවා පමණක් නොව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පරිවර්තනය කරනවා.
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි,
රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරන්නේ නැත්තේ ඇයි කියා ඇතැමුන් මගෙන් අහනවා. එදා ශ්‍රී මහා බෝධියට පහර දුන්නා, දළදා වහන්සේට පහර දුන්නා, මගේ ජාතිය මගේ භූමිය ආරක්ෂා කළේ මහින්ද රාජපක්ෂ කියන නම. ඒක කාටවත් නැති කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ කරපු දෙයක් නෑ. ඊට පස්සේ අරගලයක් ආවා. එම අරගල භූමියේ කඳවුරු 14 ක් ස්ථාපිත කරේ රනිල් වික්‍රමසිංහයි. ඒ අවස්ථාවේ අරලියගය මන්දිරයට ගිය අයගේ තිබුණේ බත් පැකට් එකයි වතුර බෝතලේ විතරයි. පොහොට්ටුව කියා කියන්න ඕනෑම අවස්ථාවක නැගිටින්න පුළුවන් පක්ෂයක්. අපි මේ රට දිනවන්න ඕන. සුද්දට එදා රට පාවා නොදුන්නා නම් ඌව වෙල්ලස්ස ජනතාවට මේ රට බේරාගන්න තිබුණා. අපි ඒ සිරිත නතර කරන්න ඕන. අපිට නැගිටින්න පුළුවන්. අපි කාටවත් යටත් වෙන්නෙත් නෑ අපි යටත් වෙලත් නෑ.
අපි ඒ ඉතිහාසය තුළින් නැගිටින්න ඕන. බුද්ධාගමට මුල්තැන දෙනවා කියා අනුර කුමාර දිසානායක කියනවා. බෞද්ධයන් රවටන්න බෑ. මේ රටේ බෞද්ධයන් ඡන්දය දෙන්නේ නාමල් රාජපක්ෂට විතරයි. මේ සටන අපිට ජයගන්න පුලුවන්. අපිට ඒ වෙනුවෙන් වගකීමක් තිබෙනවා. විසිදෙක වනවිට මුළු රටම ජයග්‍රහණය කරා ගෙන යන්න අපට පුළුවන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා,
එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් කීපදෙනෙක් ඉදිරිපත් වී සිටිනවා. තරුණ අපේක්ෂකයෙක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ නාමල් රාජපක්ෂ මහතා ඒ අතර වෙනවා. ඒ අපේක්ෂකයන් වේදිකාවේ විවිධ පොරොන්දු ලබා දෙනවා. ඇතමුන් ලබා දෙන්නේ කවදාවත් කරන්න පුළුවන් පොරොන්දු නෙවෙයි. නමුත් නාමල් රාජපක්ෂ මහතා කරන්න පුළුවන් වැඩ කොටස කියා තිබෙනවා ඒ වගේම 13 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසි විටෙකත් ක්‍රියාත්මක නොකරන බවට නාමල් රාජපක්ෂ මහතා කියා තිබෙනවා. ඒ වගේම ඉඩම් සහ පොලිස් බතල දෙන්නෙත් නෑ. ඒකීය රටක් හැටියට තිබෙන ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට ඉඩ තබන්නේ නෑ.එදා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව සරත් පොන්සේකා මහතා ජනාධිපතිවරණයර ඉදිරිපත් වුණා.
2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. නමුත් එදා ක්‍රියාත්මවුණේ විශාල කුමන්ත්‍රණයක්. මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වන ඕනෑම අයෙකුට සිදුදුවන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට වෙච්ච දේමයි. රාජපක්ෂ කියන්නේ මේ රට හදපු නායකයා. යුද්ධය අවසන් කොට රටට සංවර්ධනය ගෙනාවා. එවැනි නායකයෙකුට විරුද්ධව පෙනී ඉන්න කිසිවෙකුට හැකියාවක් නෑ. රටට විශාල සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. ගමේ මිනිසුන් කවදත් මහින්ද රාජපක්ෂ මහතා එක්ක ඉන්නවා. මාතලේ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්වී සිටිනවා. ඒ වගේම ගමේ ඡන්ද තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන අපේ කඳවුරටයි.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා,
තවමත් සියයට හතළිහක් ඡන්දය දෙන්නේ කාටද කියා තීරණය කර නැහැ. ඡන්දය දෙන්නේ කාටද කියා බොහෝ අය කතා කරන්නේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රෙමදාස මහතාට ලක්ෂ 27ක් ඡන්දය තිබුණා. එතුමාට අපිට යම්කිසි ප්‍රමාණයක් ඡන්ද මේ වනවිට එකතුවෙලා ඇති.අනුර කුමාරක් තිබෙන ඡන්ද ප්‍රමාණය කොතරම්ද. ඔවුන් මේ රටට කලදේ අපි දන්නවා. දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවති යුද්ධය අවසන් කරන්න බොහෝ නායකයෝ උත්සාහ ගත්තා. නමුත් ඒක කරන්න ඔවුන්ට බැරිවුනා. එහෙම තිබුනු යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතාට පුලුවන්කම ලැබුණා.
එදා දුටුගැමුණට මල් තියෙන සහ නූතන දුටුගැමුණට මයිනා කියා චෝදනා කරනවා හිගන ජාතියක් අපි. එතුමාට හොඳටම අවස්ථාව තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා කවදාවත් යුද්ධය වවාගෙන කෑවේ නැහැ. අද වනවිට ලැබෙන සමීක්ෂණවලට අනුව අනුර කුමාර දිශානායක හතරවැනි තැනට ඉන්නවා.දෙවැනි සහ තුන් වැනි ස්ථානවලට සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ඉන්නවා. එම සමීක්ෂණයට අනුව නාමල් රාජපක්ෂ අංක එකට පැමිණ සිටිනවා. මහතාට හිමිවූයේ ලක්ෂ දෙකක ඡන්ද ප්‍රමාණයක් පමණයි. මෙවර ඡන්දය ලබාදීමේ දී බුද්ධිමත්ව කටයුතු කරන්න කියා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ සුමිත් උඩුකුඹුර මහතා,
අපේ කඳවුර වෙනුවෙන් හැමදාම පෙනී ඉන්න විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටිනවා. ඒ අය වරදාන වරප්‍රසාද වලට නැවතුනේ නෑ. පැවැත්වෙන්නේ මේ රටේ තීරණාත්මක මැතිවරණයක්. සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යෝජනය කරමින් ආපල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී සිටිනවා. ප්‍රධාන අපේක්ෂකයන් කිහිප දෙනෙක් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ කළ ක්‍රියාකාරකම් මේ රටේ ජනතාවට අමතක නැහැ. දහස් ගණනක් තරුණ තරුණියන් මරා දමමින් රටට බහා වමහා විනාශයක් සිදුකළා.
ප්‍රවීණ රංගන ශිල්පිනි අනූෂා දමයන්ති මහත්මිය,
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් මේ රටේ ජනතාවගේ දුක හඳුන්වන එකම නායකයා නාමල් රාජපක්ෂයි. ඒ මහතා මේ රටට නිදහස දිනාදුන් මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වෙනවා.මහින්ද රාජපක්ෂ මහතාගේ යුද්ධය දිනා දෙන්න කියලයි. අපිට අවශ්‍ය වන්නේ සිහින කියන නායක නොවේ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයින් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒවා නිනායකයෙක් හැටියට නාමල් රාජපක්ෂ මහතා හඳුන්වන්න පුළුවන්. එළඹෙන 21දා පැවැත්වෙන ජනාධිපතිවරණය නියත වශයෙන්ම නාමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනවා. අභියෝගයන්ට මුහුණ දෙන නායකයෙක්. මේ රට ආක්‍රමණය කරන්න විවිධ පිරිස උත්සාහ කලා. කිසිවක් සාර්ථක වුණේ නෑ. මේක බලවත් පින්බිමක් යැයි පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ දඹුල්ල ආසන සංවිධායක ජාලිය ඕපාත මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.




























