අග්‍රාමාත්‍යතුමාට සෙත් ප්‍රාර්ථනා කරමින් වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ පැවති ආශිර්වාද පූජාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනෙක පස්වරුවේ එක් විය.
වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක තුමන් වන උදය රාගම පූජකතුමා විසින් මෙම ආශිර්වාද පූජාව පැවැත්වූයේය.
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ද එක්ව සිටියාය.
මෙහිදී කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ පවුලේ සාමාජිකයින්ට හා රට වැසියාට සෙත් ප්‍රාර්ථනා කළේය.
ඉන් අනතුරුව කෝවිල් භූමියේ පිහිටි කඩවර දේවාලයට ගොස් අග්‍රාමාත්‍යතුමා ආශිර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාව සඳහා කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති සුන්දරලිංගම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.











