හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ලංකාවට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණ අගමැති ධූරය ලබා ගැනීමට ඉඩ ඇති බව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියහ.
ඔවුන් කියා සිටියේ එසේ වුවහොත් නිසැක වශයෙන්ම තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරන බවත්, 69 ලක්ෂයක ජන්ද වරම තවමත් එතුමා සතුව ඇති බවත්ය.
කෙසේවෙතත් පසුගිය සතියේ අප මව්රට පුවත්පත ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමීණීමට සූදානමින් සිටින බවත්, සීතා අරඹේපොළ මහත්මිය ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවත් සදහන් කළෙමු.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමේ සැලසුමක් ඇති බවද අපි අනාවරණය කර සිටියෙමු.
ඒ අනුව අප හෙළිදරව් කළ කරුණ අද පැවැති මාධ්‍ය හමුවේදී පොහොට්ටු මන්ත්‍රීවරු තහවුරු කළේ මේ අයුරිනි.
පසුගිය සතියේදී අප ගෝඨාගේ අගමැතිකම පිළිබද කළ හෙළිදරව්ව!











