ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා විකාශන අධිකාරිය පනතක් ගෙන ඒමට නියමිතව සිටින බවත්, නිදහස් මාධ්‍ය විකාශන අධිකාරිය හරහා සියලු මාධ්‍ය නියාමනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙය තොරතුරු දැනගැනීමේ අයිතියටත්,මාධ්‍ය නිදහසට එරෙහි බරපතල ක්‍රියාමාර්ගයක් බව පැවසූ විපක්ෂ නායකතුමා,ඒ හරහා ආණ්ඩුවට අවනත සහ අනුගත රූකඩ මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
ආඥාදායක ඒකාධිපති විකාශන අධිකාරි පනතක් ගෙන ඒම හරහා රටේ මාධ්‍යයට කරන්නට යන තර්ජනය වහා නතර කිරීම සඳහා පෙරමුණ ගන්නා බව ද විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පැවසීය.