ආන්දෝලනයකට තුඩු දී තිබෙන මන්ත්‍රීවරුන්ට අධි සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට ආණ්ඩුව අමෙරිකානු ඩොලර් මිලියන 18ක ණයවර ලිපි විවෘත කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමටත් පෙර බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
ඒ අනුව 2021 අප්‍රේල් 22වන දින මේ සදහා ණයවර ලිපි විවෘත කර තිබුණද ආණ්ඩුව ඒ සදහා කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ් මැයි 18 වන දින බව ඒ මහතා පෙන්වා දුන්නේය.
අද (11) සවස පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේදී අන්තරජාලය හරහා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මෙම වාහන ගෙන්වීම පිටුපස ඇති කරුණු රැසක් ගැන අනාවරණය කරනු ලැබීය.
මන්ත්‍රීවරයා පවසන්නේ මේ මොහොත වන විට මෙරට ආර්ථිකය කඩා වැටීමක්, ජනජීවිතය අඩාල වීමක් වගේම කොවිඩ් වසංගතයට මුහුණ දීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීමෙන් බරපතළ ගැටළුකාරී තත්වයක රට මුහුණ දී සිටියදී පාලකයින් බිලියන 3.7ක් මෙලෙස සැප වාහන ආනයනය කිරීමට තීන්දු කිරීම මුග්ධ ක්‍රියාවක් බව අවධාරණය කළේය.










