ආන්දෝලනයට තුඩු දී ඇති මංතීරු නීතිය හෙට (20) දිනයේ දිට දැඩිව ක්‍රියාත්මක කිරීමට රථවාහන පොලිසිය තීන්දු කර ඇත.
පවතින තත්ත්වය හමුවේ මංතීරු නීතිය කඩකරන රියදුරන් හඳුනාගෙන ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත්, බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පියවර ගන්නා බවත් දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මාර්ග හතරක මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම පෙරහුරුවක් ලෙස පසුගිය 14 වැනිදා සිට ආරම්භ වීමත් සමග ජනසමාජයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.
ඒ හේතුවෙන් මංතීරු නීතිය අත්හැර දමන ලෙසට යෝජනා රැසක්ද පසුගිය දින කිහිපය තුළ පොලිසිය වෙත ඉදිරිපත්ව තිබිණ.










