අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී ලබා දුන් උපදෙස් අනුව ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය නතර කිරීමට පියවර ගෙන ඇත.
ඉදිරියේ දී බිල්පත් ගෙවීමට වැඩ පිළිවෙළක් සකසන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
එතෙක් කිසි දු පාසලක ජල සැපයුම විසන්ධි නොකිරීමට අමාත්‍යවරයාගේ උපදෙස් මත ජල සමිපාදන මණ්ඩලය තීරණය කර ඇත.










