කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (27) පෙරවරුවේ අත්සන් තැබීය.
මේ අනුව එම පනත් කෙටුම්පත අද (27) සිට බලාත්මක විය.
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය (20 ) වැනිදා සම්මත වුයේ සංශෝධන සහිතවය.
පසුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් එම සංශෝධන ඇතුළත් කර පනත් කෙටුම්පත නැවත සකස් කරනු ලැබීය.










