ඉකුත් මැතිවරණවල කිසිදු හිඟ මුදලක් ගෙවීමට නොමැති බව මැතිවරණ කොමිසම අවධාරණය කොට ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ පොලිසියට රුපියල් මිලියන 18ක අතිරේක ගෙවීමක්ද සිදු කොට ඇති බවකි.
පසුගිය සිකුරාදා පුවත්පත් වාර්තා කොට තිබුණේ පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම හමුවට ගොස් ගෙවීමට ඇති හිඟ මුදල් ඉල්ලා සිටි බවකි.










