පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව රටට කළ ප්‍රෝඩාව සොයා බැලීම සදහා වෙනම ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.
කුරුණෑගල පැවැති ‘දිනමු’ කමිටු වැඩසටහන අතරතුරදී විපක්ෂනායකවරයා මේ අදහස් පළ කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ එදා ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට චෝදනා එල්ල කරමින් මළ සිරුරු මතින් දේශපාලනය කළ බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වෙනම කොමිසමක් පත් කළ යුතු බවත්ය.