ශ්‍රී ලංකාව පසුගිය වසරක පමණ කාලය තුළ ඉන්ධන ආනයනය කර සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 735 ක් (ඩොලර් කෝටි 73.5) පමණ ණය වී ඇති බවත් එම තත්වය හේතුවෙන් ඉන්ධන සැපයයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත්නොවීමෙන් ඉන්ධන සැපයුම ඉදිරියේ දැඩි අභියෝගයක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිහං මහතා පවසන ආකාරයටම ඉන්ධන ආනයන කිරීම වඩාත් බරපතල ක්‍රියාවලියක් බවට පත්ව ඇති බව අමාත්‍ය විජේසේකර මහතා කීවේ ඉදිරි කාලය වඩාත් අමාරු කාලයක් වනු ඇති බවත්ය.
ඉන්ධන සැපයුම පහසුවෙන් කළ හැකි දෙයක් නෙවන බවත් ශ්‍රී ලංකාව පසුගිය වසරේ ජූලි මස සිට මේ දක්වා වසර පමණ කාලය තුළ ආනයන කළ ඉන්ධන සඳහා මෙම ණය මුදල ගොඩගැසී ඇති බව කී අමාත්‍ය විජේසේකර මහතා එම කාලය තුළ ශ්‍රී ලංකාවට සැපයුම්කරුවන් ඉන්ධන ලබාදීයේදී මාස හය සහ 12 බැගින් වූ ණය පහසුකම් සැපයීම නිසා ගැටලුවක් නොවූ බව ද සඳහන් කළේය.










