නොරොච්චෝලේ තාප බලාගාරය බිද වැටුණු සැබෑ හේතුව රංජන් ජයලාල් මහතා විසින් මේ වනවිට හෙළිදරව් කර තිබේ.
ඒ මහතා පෙන්වා දුන්නේ බලාගාරයේ නොව සිසිලන පද්ධතියේ දෝෂයක් හේතුවෙන් බලාගාරය වසා දමා ඇති බවත්, නඩත්තු කටයුතු සදහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමේ ප්‍රශ්නයකට රට මුහුණ දී ඇති බවත්ය.
ජලවිදුලි නිෂ්පාදනය අවම මට්ටමක පැවතියේ නම් මේ වනවිට පැය 12ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ඉඩ තිබූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










