රටේ ඔන් ලයින් අධ්‍යාපනයට දුරකථනයක් නැති දරුවන් මේ රටේ අප්‍රමාණ සිටින එහෙව් රටක ඒ දරුවන් පුදුමාකාර අසාධාරණයකට ලක්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විෂමතාවයෙන් තොරව දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව සලසාදීම පාලකයින්ගේ වගකීමක් බවද හෙතෙම පැවසීය. එකම රටේ ජනතාව බෙදා වෙන්කොට බලය ලබාගන්නා කිසිවෙකුට පැවැත්මක් නැති බවද විපක්ෂ නායකතුමා පැවසීය.
නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” හයවෙනි අදියර ආරම්භ විය.
“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක” සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් හත්ලක්ෂ පනස්දහසක් (රු.750,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වව්නියාව මරවන්කුලම් පාරතිසන් විද්‍යාලයට පරිත්‍යාග කිරීම සිදුවිය.













