මේ වනවිටත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ බව ජාතික ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරියද ප්‍රකාශකර ඇති බැවින් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කතා කර වචන ඉස්සරකර ගන්න හොඳ නැතැයිද ඇමති ප්‍රසන්න රණතුංග කීවේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මෙහෙයුම් කමිටුව සමඟ කොළඹදී සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ බව ජාතික ජනබලවේගයේ හරිනි අමරසූරිය කිව්වා.අපි වචන ඉස්සර කරගන්න හොඳ නැහැ.අපි 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරල ඉවරයි.අලුතින් ක්‍රියාත්මක කරන්න දෙයක් නැහැ.මම පළාත් මහ ඇමති කෙනෙක් වුනේ 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ක්‍රියාත්මක වන නිසයි.
ජනතා විමුක්ති පෙරමුණ රටේ මිනිස්සු මරල රට විනාශ කරපු පක්ෂයක්. අපි අවිහිංසාවාදී පක්ෂයක්. අපි මිනිස්සු මරපු පක්ෂයක් නෙවෙයි.කොරෝනා වයිරසයෙන් මිනිස්සු බේරගන්න එන්නත් ටික දෙන්න මැදිහත් වුනේ අපේ මිනිස්සු. ගමේ පාරවල්ටික හදපු, මිනිස්සුන්ට රැකියා අපිට ජනතාව අතරට යන්න බැරි ඇයි?.
අපි රටේ පාරවල්ටික හදාගෙන එනකොට සියයට 10ක් කොමිස් ගන්නව කියල මතයක් හැදුවා. ඒකට බයවෙලා පාරවල් හදන එක නැවැත්තුවා. ඒකෙන් වුනේ රටේ සංවර්ධනය නතරවීමයි. අපි හදපු පාරේ අපේ කටවුට් ගහන එක්ක නැවැත්තුවා.හැබැයි දැන් ජනතා විමුක්ති පෙරමුණ අපි හදපු පාරවල්වල කටවුට් ගහනවා. අපි මේව මිනිස්සු එන්ක කතා කරන්න ඕන. එතකොට තමයි ගමේ මිනිස්සු ඇත්ත තත්ත්වය තේරුම් ගන්නෙ.
පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් අපි පළමුවෙන්ම ග්‍රාමසේවක කොට්ඨාස මට්ටමින් රැස්වීම් පවත්වන්න ඕන.කොට්ඨාස මට්ටමින් පැවැත්වෙන රැස්වීම්වලට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් අපි සහභාගී වෙනවා.මේක මනාප ක්‍රමයට පැවැත්වෙන මැතිවරණයක් නෙවෙයි.ඒ නිසා අපි බලන්න ඕන අපේක්ෂකයා දිනවන්න. අපි කොට්ඨාසයේ අපේක්ෂකයගේ ඕනෑ එපාකම් ගැන හොයල බලන්න ඕන.
අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ඉන්නෙ. ෆේස්බුක් එකෙත් ජනාධිපති එයා. ඇවිදින්නෙ, කතා කරන්නෙ තමන් ජනාධිපති කියල හිතාගෙන. හීන දැක්කට කවදාවත් මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති වෙන්න එයාට බැහැ.ඒක නිසා අනුර කුමාරට දිගටම ඒ හීනයේ ඉන්න කියමු. අපි මහපොළවේ වැඩ ටික කරල මේ රට ගොඩගනිමු.
මීට මාස දෙක තුනකදි තිබුණ තත්ත්වයට වඩා දැන් අපිට තිබෙන තත්ත්වය හොඳයි. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙකක් වුණත් අපි රැස්වීම් පවත්වල ජනතාව අතරට යන්න ඕන.
අපේ මිනිස්සු එළියට බහින්න සූදානම්. ඒකට අවශ්‍ය නායකත්වය අපි දෙනවා. ජ.වි.පෙ සමහර අපේක්ෂකයන් තමන්ගේ කොට්ඨාසයේ හතර මායිම දන්නේ නැහැ.ඒ අයගෙ කැන්වසින් යන්නෙ පිට පළාත්වලින් ආපු අයයි.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන් මෙහිදී සඳහන් කළේ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නායකත්වයෙන් යුතුව ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවයි.
ප්‍රසන්න රණවීර,සිසිර ජයකොඩි යන රාජ්‍ය අමාත්‍යවරුන්ද, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, මිලාන් ජයතිලක,උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,කෝකිලා හර්ෂණි ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.










