යතුරුපැදි මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් දින 04ක විශේෂ මෙහෙයුමක් අද (31) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පොලිස් මූලස්ථානයේ උපදෙස් පරිදි දිවයින පුරා එම මෙහෙයුම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ලබන අප්‍රේල් මස 03 වනදා දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක වීමට නියමිතය.
එහිදී යතුරුකරුවන් විශේෂ පරික්ෂාවකට ලක්කරන බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මේ අතර ඊයේ දිනයේ ද සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.
ඒ අතර යතුරුපැදිකරුවන් තිදෙනෙකු සහ පදිකයින් දෙදෙනකු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.










