දඹුල්ලේ තොග වෙළෙඳපොළේ එළවළු පලතුරු කිලෝ ලක්ෂ 26ක් විකුණාගත නොහැකිව ගොඩ ගසා තිබූ බව මාතලේ දිස්ත්‍රික් සමගිජන බලවේග මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පවසයි.
ආණ්ඩුව නිරෝධායනය ඇඳිරි නීතිය පනවන බවක් නොකියා සියලු තහංචි පනවා ගොවීන් අමාරුවේ දැමූ බව ද මන්ත්‍රිවරිය කියයි.
මාතලේ ගොවීන්ට එළවළු හා පලතුරු දඹුල්ලට රැගෙන එන්නැයි කියා ආණ්ඩුව සංචරණ සීමා දැමීම නිසා එම එලවළු හා පලතුරු තොග අපතේ යන තත්ත්වයකට පත්ව තිබෙන බව ද මන්ත්‍රීවරිය පවසන්නීය.
මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට සහ මැනිං වෙළෙඳපොළට සාමාන්‍ය පරීදි එළවළු සහ මාළු තොග වශයෙන් පැමිණියත් ඒවා මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් නොපැමිණීම නිසා එම තොට වෙළෙඳපොළේ ගොඩ ගසී ඇතැයි වාර්තා වෙයි.
සංචරණ සීමා නිසා වෙළෙඳුන් මාළු සහ එළවළු මිලට ගැනීමට නොපැමිණි බව ද පෑලියගොඩ මත්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ඩබ්ලිව්.ඒ. ජයසිරි මහතා කියයි.
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ ඉදිරි දින දෙක තුළ මෙම ගැටළුවට විසඳුම් ලබා දෙන බව පවසයි.










