සජිත්ගේ බස් බෙදිල්ල හැමෝගේම මාතෘකාව වී ඇති බවත් බස් බෙදිල්ල, බස් පැදිල්ල නිසා තමා බස් මෑන් ලෙස හඳුන්වන බවත් පසුගිය ජනාධිපතිවරණ සමයේත් කාන්තාවන්ගේ, දැරියන්ගේ සනීපාරක්ෂාව ගැන සිතා නව පියවරක් ඉදිරියට තැබිය යුතු යැයි යෝජනා කළ විට පෑඩ් මෑන් යනුවෙන් හැඳින්වූ බවත් එසේ කුමන නමකින් හැඳින්වූවත් මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ මුලික අරමුණ වූයේ මෙරට ඇති අධ්‍යාපනයේ බෙදීම අවම කිරීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (3) පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක සක්වල වැඩසටහන යටතේ බෙදා දුන් 58 වැනි බස් රථය බෙදා දීමේ අවස්ථාවට එක්වමින් විපක්ෂ නායකතුමා මේ බව කියා සිටියේය.මොරටුව පුවක් අරඹ මෙතෝදිස්ත උසස් විද්‍යාලයට මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.
තමන්ට අපහාස කරන,එහෙත් සමාජවාදය ගැන කතා කරන එවැනි පුද්ගලයන් අධි සුඛෝපභෝගී සැප පහසුකම් ලබමින් වැජබෙන බවත් ඔවුන් වීඅයිපී සමාජවාදීන් ලෙස හදුන්වන බවත් රටේ දරුවන් දුක් විදින විට ඔවුන්ගේ දරුවන් විදෙස් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා බවත් මෙවැනි කාඩ්බෝඩ් සමාජවාදීන්ට නොරැවටෙන ලෙසත් වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී පක්ෂ කාර්යාල ඉදිකර ඒවාට වී මෙවැනි අපහාස සිදු කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
කොළඹ කේන්ද්‍රීය පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල පරිගණක විද්‍යාගාර, සුහුරු පන්ති කාමර, භාෂාගාර ආදිය පැවතියත් දුෂ්කර පැතිවල ඇති පාසල්වල එවැනි කිසිදු පහසුකමක් නොමැති බවත් මේ නිසා අධ්‍යාපනය තුළ විශාල බෙදීමක් ඇති බවත් මෙකී බෙදීම නැතිකර හැමෝටම සමාන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමේ පළමු පියවර ලෙස මෙලෙස බස් බෙදා දීම සිදු කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉරිසියා කරන පුද්ගලයන් මේ පිළිබඳ අපහාස කරන බවත් එයට හේතුව ඔවුන්ට මෙවැනි වැඩසටහනක් කිරීමට නොහැකි නිසා බවත් තාරුණ්‍යය ඉල්ලා සිටින ක්‍රමයේ වෙනස විපක්ෂයේ සිට තමන් ආරම්භ කළ බවත් ඒ සඳහා ඇමති පට්ටම්, ජනාධිපති අගමැතිකම් අවශ්‍ය නොමැති බවත් තමන්ට හැකියාවක් පවතී නම් වැඩකාරයෙක් නම් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බවත් එය ප්‍රායෝගිකව තමා විසින් ඔප්පු කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
දේශීය විදේශීය ධානපතියන් තමන් ඇතුළු පිරිස විශ්වාස කරන්නේ තමන් වටා කොමිස්කාරයෝ පගාකාරයෝ නොමැති නිසා බවත් ඒ විශ්වාසය ආරක්ෂා කරමින් මෙවැනි ව්‍යාපෘති විනිවිධභාවයකින් සිදු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බංකොලොත් රට බංකොලොත්භාවයෙන් මිදෙන්නට නම් මේ රටට මුදල් ඉපයිය හැකි දක්ෂයන් අවශ්‍ය බව යි.
සාම්ප්‍රදානුකුල රාමුවෙන් පිටතට පැන වැඩ කළ හැකි නායකයෙක් මේ රටට අවශ්‍ය බවත් ඉදිරියේ දී බිහි වන නායකයාට රටට ඩොලර්, පවුම් ගෙන ඒමට හැකියාවක් තිබිය යුතු බවත් මේ වන විට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට එවැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් පැවසීය.
එසේ ම අනාගතයේ දී සමගි ජන බලවේගය බලයට පත් වූ පසු මෙරට පාසල් දූ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර වේලක් පාසල තුළ දී ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා එහි දී පොරොන්දුවක් විය.












,










