ඩොල්ෆින් මත්ස්‍යයින් 100කට අධික රංචුවක් පානදුර වෙරළට හදිසියේම ගොඩ ගසා තිබේ.
මෙම තල්මසුන් අද පස්වරුවේ සිට මෙලෙස මුහුදු වෙරළට ගොඩ ගසා ඇති අතර ඇඳිරි නීතිය පනවා තිබියදීත් ඇතැම් ප්‍රදේශවාසින් විසින් මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් යළි මුහුදට යොමු කිරීම සඳහා විශාල උත්සහයක් ගනිමින් සිටින බව දැකගන්නට ලැබිණ.
පොලිසිය විසින් වෙරළාරක්ෂක බළකායේ ද සහය ඇතිව මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් නිරුපද්‍රිතව බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවද වාර්තා වේ.








