අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි මහා විහාරයේ සන්නිපාත ශාලාව යළි ප්‍රතිසංස්කරණය කර මහා සංඝරත්නය උදෙසා පූජා කිරීමට මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන ඩයලොග් සමාගම පියවර ගෙන ඇත.
මහාවිහාර පරිශ්‍රය කේන්ද්‍රකරගනිමින් පැවැති මෙම උත්සවයට අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය එක්ව සිටියහ.
ඩයලොග් ආසියාටා සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අමලි නානායක්කාර මෙන්ම ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම පුණ්‍ය කටයුත්තට ඩයලොග් ආසියාටා සමාගමේ මූල්‍ය දායකත්වය හිමිව තිබූ අතර ශ්‍රම දායකත්වය ගුවන් හමුදාව විසින් ලබා දී තිබිණ.










