ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, කුරුණෑගල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂක අපේක්ෂිකාවන් ඉදිරි මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව අද කුරුණෑගලදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගරු ලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ප්‍රිය හේරත්, යූ කේ සුමිත් උඩකුඹුර, මංජුලා දිසානායක, සහ නීතීඥ මනෝජ් ගමගේ, දේශපාලන විචාරක මිලින්ද රාජපක්ෂ ඇතුලු රැසක් සහභාගී විය.













