ඓතිහාසික අනුරාධපුර නගරයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ රුවන්වැලි මහා සෑ රදුන් අභියස ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව අනුරාධපුරය පූජා භූමි සංවර්ධන සැලැස්ම විමර්ශනය කළේය.
ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 450කි.
කලාප 03ක් යටතේ ව්‍යාපෘති 28ක් ලෙස සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවේ.
ඉදිකිරීම් 2024 දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට නියමිත ය.
සැලැසුම් පිළිබඳව පැවැති සාකච්ඡාවට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අංජලී දේවරාජ් මහත්මිය, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් සිල්වා, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරු ඇතුළු නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ.











