පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ඉල්ලමින් ලබන සදුදා දින කොළඹ නගරයේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධාන කිරීමට සමගි ජන බලවේගය සැලසුම් කර තිබේ.
ඒ අනුව එදින මුදල් අමාත්‍යංශය ඉදිරිපිට සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශාල උද්ඝෝෂනයක් පැවැත්වීමට සැලසුම් කොට ඇති බව කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පැවසීය.










