මහත් ආන්දෝලනයකට ලක්වූ චීන පොහොර නැවට රුපියල් කෝටි 251කට වඩා වියදම් කළ නිලධාරීන්ට එරෙහිව නඩු පවරා එම මුදල් අය කර ගත යුතුව ඇති බව විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.
මෙම නිර්දේශය හෙට (28) දිනයේදී පාර්ලිමේන්තුව වෙත යැවීමටද තීරණය වී තිබේ.
මෙම පොහොර නැව පළමු පරීක්ෂණයේදී ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට අනාවරණය වූ හෙයින් එය වැළැක්වීමට ඉඩ තිබූ බවත් අවශ්‍ය නම් දෙවන පරීක්ෂණයක් සිදුකිරීමට හැකියාව තිබූ බවත් එම නිර්දේශයේ සදහන්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව වගකීම් පැහැර හැර රජයට පාඩු සිදුකළ නිලධාරීන්ගෙන් එම මුදල නඩු පවරා අයකර ගත යුතුව ඇති බව එහි දැක්වේ.
කෙසේවෙතත් මෙම පොහොර නැව ගෙන්වීම සම්බන්ධව එකල කෘෂිකර්ම අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාටද චෝදනා එල්ල විය.










