චීනය අඟහරු මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබස්වා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය අද (15) නිවේදනය කළේය.
රෝද හයකින් සමන්විත ‘ෂුරොන්ග් රොබෝව’ මෙසේ අගහරු මත ගොඩබස්වා ඇති අතර රෝවරය ගොඩබෑමට ආරක්ෂිත කැප්සියුලයක්, පැරෂුටයක් සහ රොකට් වේදිකාවක් භාවිතා කර තිබිණ..
කර්තව්‍යයේ දුෂ්කර ස්වභාවය අනුව එය විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස චීනය අර්ථ දක්වා තිබේ.
මේ දක්වා අඟහරු මතට ගොඩබෑම කර ඇත්තේ ඇමරිකානුවන් පමණි. මෙම ගොඩබෑමත් සමඟ චීනය අඟහරු ග්‍රහයා මත රෝවරයක් පතිත කළ දෙවන රට බවට පත්වේ.
ඉදිරි දින කිහිපය ඇතුළත මෙම රෝවරය අඟහරු මත පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතය.










