• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ගෝඨා එන්න යන්නේ මොකාටද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 27, 2022
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
ගෝඨා එන්න යන්නේ මොකාටද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

දෝෂාභියෝගය ආපු වෙලාවේ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට ඔහුගේ විශ්වාසවන්තම හාමුදුරු නමක් උපදේශයක් දුන්හ. හාමුදුරුවෝ ඒ උපදේශය දුන්නේ ප්‍රේමදාසගේ කේන්දරය හොඳින් කියවා බලාය.

‘ඔබතුමාට දරුණු අපලයක් තියෙනවා. රජ කාලෙ රජුට අපල තිබුණාම රජ්ජුරුවෝ කැලේට යනවා අපලෙන් බේරෙන්න. රජකමට වඩා ජීවිතය වටිනවා කියලා හිතාගෙන රජකම අතහැරලා කැලෑවැදිලා අපලය ගෙවුණාම එනවා. අද කාලෙ කැලේට යන්න බැහැනේ. ඔබතුමා රට යන්න. ගිහින් කාලයක් ඉඳලා අපලය ගෙවුණාම එන්න..’

මේ හාමුදුරුවෝ ප්‍රේමදාසට දුන්න උපදෙසය.

‘මම කොහොමද හාමුදුරුවනේ මගේ හතුරන්ට දිනුම දීලා පැරැදිලා යන්නේ…?’

ප්‍රේමදාස හාමුදුරුවන්ගෙන් පෙරළා ඇහුවේ එච්චරය. මේ පරණ කතාව මතක් වන්නේ ගෝඨාභයට වෙච්ච දේ දකිනකොටය. ගෝඨාට අපලයක් තිබුණාද නැද්ද දන්නේ නැත. හැබැයි ගෝඨා රජකම දමල ගහලා යන්න ගියේය.

‘ගෝඨා ඇයි ගියේ…?’

ගෝඨා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම්කළ හැටියේ බැසිල් කීවේ ගෝඨා හරියට ටර්මිනේටර් වගේ කියාය.

ඒ වෙලාවේ මේ ටර්මිනේටර් කියන වචනයට හරිම සිංහල තේරුම දුන්නේ එවක අගමැති රනිල්ය. ඔහු කීවේ ටර්මිනේටර් කියන්නේ කම්මුතුකරන්නා කියලාය.

‘ටර්මිනේටර් ආවොත් අපි පසුගිය වසර පහේ රටට දිනාදුන් ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතු කරයි. මාධ්‍ය නිදහස කම්මුතු කරයි. මානව හිමිකම් කම්මුතු කරයි…’

මේ රනිල් 2019 අගෝස්තු 10 බැසිල්ගේ ටර්මිනේටර් කතාවට දුන්න උත්තරයය.

‘ඉතින් ඇයි ගෝඨාට අරගලය කම්මුතු කරන්න බැරි වුණේ…?’

හැමෝටම තියෙන ප්‍රශ්නය ඒකය. මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේ මෛත්‍රීත්, රාජපක්ෂවරුත් රනිල්ට කිව්වේ ‘සමනලයා’ කියාය. අන්තිමේදී අද සමනලයා ටර්මිනේටර් වී ඇත. ටර්මිනේටර් කී ගෝඨා සමනලයකු වී පියාඹා ගොස් ඇත.

‘ආයෙත් ඒවිද ඒ සමනලයා පොහොට්ටුවේ පැණි බොන්න…?’

රනිල් ජනාධිපති වූ දින සිට අරගලය කම්මුතු කරන්නේ අරගලයෙන් තමාටත් ගෙදර යන්න වෙයි කියන බයට විය යුතුය. හැබැයි ගෝඨාට අද යළි ලංකාවට පයගහන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ රනිල් අරගලය කම්මුතු කරන නිසාය. අනෙක රනිල් අරගලය කම්මුතු කරද්දී ගෝඨා ගෝ හෝම් කිව්ව හැමෝම කියන්නේ ගෝඨා හොඳයි කියලාය. ගෝඨා ජනතාවට බයයි කියලාය.

එක පැත්තකින් රනිල් අරගලය කම්මුතු කරලා ගෝඨාට එන්න පාර කපනවා පමණක් නොව හිට්ලර් වගේ කියල කිව්ව ගෝඨාව ප්‍රජාතන්ත්‍රවාදියෙක් කරලා පෙන්වයි.

බලය ගන්න රනිල් මාර ගේම්කාරයෙක් කිව්වාට බලය ගත්තට පස්සේ ගහන ගේම්වල වාසිය ගත්තේ රාජපක්ෂලාය. 2015 රනිල්, මෛත්‍රී දමලා රාජපක්ෂලාව ගෙදර යවලා ඉන් පසු මෛත්‍රී තමාට කෙළියි කියන බයට රාජපක්ෂලාව නඩුවලින් බේරලා රාජපක්ෂලාව ආරක්ෂා කරලා මෛත්‍රීව ඉවර කරන්න රාජපක්ෂලා ලව්වා අලුත් පක්ෂයක් හදවා ගත්තේය. රනිල් හිතුවේ රාජපක්ෂලාගේ අලුත් පක්ෂය මෛත්‍රීගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද කඩලා ඔහුට යූ.ඇන්.පී. ඡන්දවලින් ජනාධිපති වෙන්න පාර කපලා දෙයි කියලාය. හැබැයි වුණේ පොදුජන පෙරමුණ රනිල්ට ආසනයක් දිනන්න බැරි තරමට රනිල්ව කුජීත කිරීමය.

දැන් අද රාජපක්ෂලාට පින් සිදුවෙන්න ජනාධිපතිකම අරගෙන රනිල් හිතන්නේ අරගලය කම්මුතු කළොත් තමන්ට ජනාධිපතිකම ආරක්ෂා කරගන්න පුළුවන් කියාය. හැබැයි වෙලා තියෙන්නේ රනිල් අරගලය කම්මුතු කරන විට ගෝඨා යළි ලංකාවට එන්න පාර කපාගැනීමය.

‘ගෝඨා ලංකාවට ඇවිත් දැන් මොනව කරන්නද…?’

ගොඩක් අය මේ කතාව කියයි. කතාව ඇත්තය. ගෝඨාව මහජනතාවට තිත්තය. ගෝඨාට ඡන්දය දුන්න අයටත් තිත්තය. ගෝඨා මේ රට බංකොලොත් කළාය කියන අපවාදයෙන් බේරෙන්න ගෝඨාට බැරිය. හැබැයි රාජපක්ෂලාට වන්දනාමාන කරන ඡන්ද බේස් එකක් පොදුජන පෙරමුණට තිබේ. මේ ඡන්ද බේස් එක අද ඉන්නේ කෝමා තත්ත්වයේය. දේශපාලන වශයෙන් නිර්වින්දනය වෙලා වගේය. ඔවුන්ට යළිත් වන්දනාමාන කරන්න රාජපක්ෂ කෙනෙක් පේන තෙක්මානයේ නැත. මහින්දට ආයේ සුළං හමන්න බැරි තරමට අබල දුබලය. බැසිල් ජනප්‍රිය නැත. නාමල්ට පිළිගැනීමක් නැත. මේ ඡන්ද බේස් එක අල්ලා ගන්න රනිල්, ඩලස් සහ විමල්ලා මාරාන්තික සටනක සිටිති. තමන්ගෙන් ගිලිහී යන මේ ඡන්ද බේස් එක තියාගන්න රාජපක්ෂලාට තියෙන එකම ගැළවීම ගෝඨාට යළි පණදී කෝමා වී සිටින ඡන්ද බේස් එකට පණ දීමය. රාජපක්ෂලාට දේශපාලනයෙන් ගොඩ යන්න නම් ගෝඨාභයට යළි පණ දිය යුතුය.

‘ගෝඨාට පණ එයිද…?’

රාජපක්ෂලා රනිල්ට ජනාධිපතිකම් කරන්න ඉඩ දීලා මෙහෙම හැංගිලා හිටියොත් රාජපක්ෂලා ඉවරයටම ඉවරය. තමන්ගේ පව් රනිල්ගේ කරේ ගහලා රනිල් ජන අප්‍රසාදයට පත්වන විට යළිත් ජනතාවගේ ගැළවුම්කාරයන් ලෙස කරළියට එන්න රාජපක්ෂලා හිතනවා නම් ඒක වෙන්නේ නැත. මන්ද රනිල්ගේ හැම කුණකටම රාජපක්ෂලාටද කරගහන්න වෙන නිසාය. රනිල් ගත්ත හැම තීරණයකම වගකීමෙන් 50%ක් යන්නේ රාජපක්ෂලාටය. හේතුව රනිල්ව ජනාධිපති කළේ රාජපක්ෂලාය. ඉතින් රනිල් පචවෙලා රාජපක්ෂලාට බලය එයි කියා රාජපක්ෂලා ගණන් හදනවා කියා හිතන්න බැරිය. මේ ආණ්ඩුව යළි සියතට ගත්තොත් රාජපක්ෂලාට තමන්ගෙන් ගිලිහී යෑමට නියමිත ඡන්ද බේස් එක ආරක්ෂා කරගත හැකිය.

‘රාජපක්ෂලා යළි ආණ්ඩුව අතට ගන්නේ කොහොමද…?’

ගෝඨා ලංකාවට ඇවිත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එනවා කියන කතාව ගොතන්නේ ඒකට පාර කපාගන්නටය.

‘ගෝඨා පාර්ලිමේන්තු එයිද…?’

ජේ.ආර්.ට, ප්‍රේමදාසට, විජේතුංගට පසු ජනාධිපති වුණු හැමෝටම ජනාධිපතිකම අහිමි වූ පසු ගෙදර ඉන්න බැරි රෝගයක් බෝවිය. චන්ද්‍රිකාටත් ඒ රෝගය බෝවිය. ඇය ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගිය පසු ශ්‍රීලනිප නායකත්වය ආරක්ෂා කරගන්න දත කෑවේ ඒ නිසාය. මහින්දත් 2015 පරාජය වී මන්ත්‍රී වූයේ ඒ රෝගය නිසාය. මෛත්‍රීත් ඒ රෝගයට ගොදුරු විය. ගෝඨාට ඒ රෝගය වැලඳීමට ඉඩකඩ වැඩි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන යුද්ධයේ මානව හිමිකම් කඩවීම ගැන ඔහුට නඩු පවරන්න බලාගෙන සිටින නිසා මන්ත්‍රී වුණොත් ගෝඨාට ඒ නඩුවලින් යම් තරමකට බේරෙන්න හැකියාවක් ලැබෙන නිසාය.

‘ගෝඨා පාර්ලිමේන්තු ඇවිත් මන්ත්‍රීවරු 134ක් ගෝඨා ජනාධිපති විය යුතු යැයි කියා පෙත්සමක් අස්සන් කළොත්…?’

ඊට කලින් ගෝඨා අගමැති විය යුතු යැයි කියලා 113ක් මන්ත්‍රීවරු අස්සන් කළොත් රනිල්ට ගෝඨාව අගමැති කිරීමට සිදුවේ. ගෝඨා ජනාධිපති විය යුතුයි කියලා රනිල්ට ජනාධිපති වෙන්න ඡන්දය දුන්න 134 ලියුමක් අස්සන් කළොත් රනිල්ගේ බල වරමෙහි සුජාතභාවය ප්‍රශ්නයක් වෙයි. මහජන ඡන්දයෙන් ජනාධිපති වූ ජනාධිපතිවරයෙක් ඉවත් කරන්න ව්‍යවස්ථාවෙන් බාධාවක් දමා ඇත්තේ ජනාධිපති පත්වන්නේ මහජන ඡන්දයෙන් නිසාය. ඒත් පාර්ලිමේන්තුවෙන් පත්වන අගමැති කෙනෙක් මන්ත්‍රීවරු 113කට ඉවත් කරන්න පුළුවන. පාර්ලිමේන්තුවේ 113කින් පත්වන අගමැති කෙනෙක් 113ක අස්සන්වලින් ඉවත් කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවේ 134කින් පත්වන ජනාධිපති කෙනෙක් 134ක අස්සනින් ඉවත් කරන්න බැරි ඇයි…?’

ගෝඨා ලංකාවට එනවා කියන විට රනිල්ට නින්ද නොයන හේතුව ඒකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගෝඨාට ආණ්ඩුවෙන් ගෙයක් දෙන්න බෑ! අලුත් නීති තර්කයක් එළියට එයි! EXCLUSIVE

Next Post

කාලගුණයත් අවුල් වෙයි! හදිසි නිවේදනයක් නිකුත් වෙයි!

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.