• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගෙන් ජින්පින්ට කෝල් එකක්: ජිනීවාවලදී දුන් සහායට ස්තූති කරයි

March 29, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ගෝඨාගෙන් ජින්පින්ට කෝල් එකක්: ජිනීවාවලදී දුන් සහායට ස්තූති කරයි
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජිං පින් මහත්වරුන් අතර අද (29) සවස දුරකථන සංවාදයක නිරතවූ බවත්, එහිදී සෑම කේෂ්ත්‍රයකම  අන්‍යොන ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළ කරනු ලැබූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම උදව් කරන බවත්, බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණපෑමට සිදුවන අයුක්තිසහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථීර සාර ලෙස පෙනී සිටින බවත් මෙහිදී චීන ජනාධිපතිතුමා සඳහන් කර ඇත.

ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතූ ජනාධිපති රාජපක්ෂ මහතා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට දුන් මහඟු සහයෝගය පිළිබඳව ෂී ජිං පින් ජනාධිපතිතුමාට සහ චීන රජයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කර තිබේ.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හය ලක්ෂයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම ගැනද මෙහිදී ජනාධිපතිතුමාගේ ස්තූතිය පුද කෙරිණ.

ළඟදී උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් පුද කරමින් කථා බහට එක් වූ චීන නායකයා කොවිඩ් 19 ප්‍රභල අභියෝගයක් වූවා සේම චීන ශ්‍රී ලංකා සබඳතා නව අවධියකට ඔසවා තැබීමට එය ඉවහල් වූ බවට සඳහන් කර සිටියේය.

“කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකවීමට විශාල විභවතාවක් ඇති ව්‍යාපෘති දෙකක්. ඒවා කඩිනමින් නිම වනු දැකීම අපේ අපේක්ෂාව. වරාය නගරය, විදේශ ආයෝජන ඉඩ ප්‍රස්ථා විශාල ලෙස පුළුල් කිරීමට සමත්. එය රැකියා විරහිතභාවයටත් විසඳුමක්” චීන ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර සිටියේය. 

හම්බන්තොට වරාය සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සතුටුදායක ලෙස ඉදිරියට යමින් තිබෙන බව සඳහන් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් සම්පූර්ණ කරන්නැයි චීන රජයෙන් ඉල්ලා සිටියේය.

සිය ධූර කාලයේ ඉතිරි සිව් වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සමෘද්ධිය උදෙසා කළයුතු දේ කිරීම සිය අපේක්ෂාව බව මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය .

“දිළිඳුකම තුරන් කිරීම අපේ  ප්‍රධාන පරමාර්ථයක්. ඒ සඳහා අපට චීනය ආදර්ශයට ගන්න පිළිවන්” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සඳහා උදව් කිරීමට කැමැත්ත පළ කළ චීන නායකයා ගත වූ වසර කිහිපය තුළ තම රටේ අනූ ලක්ෂයක් දෙනා දිළිඳුකමින් ඉවතට ගැනීමට හැකිවූ බවට සඳහන් කර සිටියේය. 

තමා 2014 දී ශ්‍රී ලංකාවේ කළ චාරිකාව සිහිපත් කළ ෂී ජිං පින් ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා චාරිකාවක් සඳහා හැකි ඉක්මණින් චීනයට එනු දැකීමට තමා මහත් කැමැත්තෙන් පසුවන බව සඳහන් කළේය. 

සැලසුම් කළ පරිදි චීනයේ චාරිකා කිරීමට කොවිඩ් වසංගතය නිසා නොහැකි වූ බව කී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දෙපාර්ශ්වයටම පහසු අවස්ථාවක චීනයට පැමිණීමට අපේක්ෂා කරන බවට දැනුම් දී සිටියා. 

චීන – ශ්‍රී ලංකා සබඳතාවන්හි උපාය මාර්ගික ප්‍රවේශය දෘශ්‍ය ප්‍රථිපල ලැබෙන අයුරින් තවත් දියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ චීන ජනාධිපතිතුමා දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කළයුතු බව ද පෙන්වා දුන්නේය.

චීන මහජන බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පිරිනැමුණු හුවමාරු මුල්‍ය පහසුකම අගය කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එය ශ්‍රී ලංකාවේ මුල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට නිසැකවම ඉවහල් වනු ඇති බවට සඳහන් කළේය.

ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස හම්බන්තොට තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ස්ථාපනයට චීනයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කළ ගෝඨාභය රාජපක්ෂ මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය වෙනුවෙන් සිය සුභාශීංසනද පුද කර සිටියේය.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන ‘අගරදගුරු පදවිය’ අවසන් අනතුරු ඇගවීම කරයි: ඉටු නොකළොත් දැඩි පියවරක්

Next Post

අපිට විශාල ඉල්ලුමක් ඇවිත්: අපි ශ්‍රීලනිප යෝධයා නැගිට්ටවනවා: මෛත්‍රීගෙන් කෙළින් ප්‍රකාශයක් (VIDEO)

MORE NEWS

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කප්පම් දෙන්න බෑ කිව්වාට වැඩ කරන සැලුන් එකට ඇවිත් අත කපලා... තරුණයෙකුට එල්ල වූ ප්‍රහාරයේ සියලු CCTV සාක්ෂි එළියට... Sri...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper