පොහොර නොමැතිකම හේතුවෙන් අද (09) ගිරාදුරුකෝට්ටේ උද්ඝෝෂණයක් පැවැති අතර ඊට එක්වූ ගොවි ජනතාව දැඩි කෝපයෙන් යූතුව අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය.
මෙහිදී ගොවීන් පෙන්වා දුන්නේ රසායනික පොහොර නොමැතිව ගොවිතැන් කළ නොහැකි බවත්, ගොවීන් අනවශ්‍ය ලෙස පොහොර වගාවට නොයොදන බවත්ය.
එමෙන්ම වත්මන් පාලකයන්ගේ ක්‍රියාකලාපය ගොවීන් විසින් දැඩිව විවේචනය කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.










