තමා ගෙවල් තුනක් යා කර සෑදූ නිවෙසක සිටින බවට මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා කළ ප්‍රකාශය ඔප්පු කළහොත් තමා මන්ත්‍රීධූරයෙන් ඉවත් වන බව හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) ප්‍රකාශ කළේය.
අළුත්ගමගේ ඇමැතිවරයාගේ ඒ ප්‍රකාශය ගැන තමා කනගාටු වන බවද හෙතෙම සඳහන් කළේය.
කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ තමාට මේ නිවස ලැබුණේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගෙන් බවත් තමා පාවිච්චි කළ නිවෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවත්ය.
තමා විස්කි බිබි කළැයි කියන සාකච්ඡාවක් ගැනද ඔහු සඳහන් කර තිබූ බවත් තමා මත්පැන් සිගරට් බොන අයකු නොවේ යයි තමා සිහිපත් කර දෙන බවත් සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එම ප්‍රකාශයෙන් පසු අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා ඉදිරියේදී ප්‍රකාශයක් කරන බවද පැවසීය.










