සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
අද දිනයේ තරගය මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.
ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා ඒ අවට පවතින දැඩි සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙනි.
දැඩි සුළං සහිත කාලගුණික තත්ත්වයෙන් ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ තාවකාලිකව ප්‍රේක්ෂකාගාරයක් ද කඩාවැටී තිබේ.
ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස්කර ගත් අතර, ඕස්ට්‍රේලියානු පිල කඩුළු 3ක් දැවී ලකුණු 98ක් රැස්කර ගැනීමට සමත් විය.










