කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටළු විමසන වැඩසටහන අද (12) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්‍යාලයේ දී ආරම්භ විය.
එම අවස්ථාවට සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ජ්‍යේෂ්ඨ උප සභාපතිවරුන් වන රාජිත සේනාරත්න, කබීර් හෂීම්, සහකාර ලේකම්වරුන් වන අශෝක් අබේසිංහ, කාවින්ද ජයවර්ධන ඇතුලු පිරිසක් එක්ව සිටියහ.












