කොරෝනා රෝගය ආරම්භ වූ දිනයේ සිටම මෙරට ඇතැම් මාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබදව සියලු දත්ත තම සංගමය එක්රැස් කර ඇති බවත්, ඒ සියල්ල ඉදිරියේදී රටට හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු මහලේකම් වෙද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසීය.
එහිදී ඇතැම් මාධ්‍ය සිය ව්‍යාපාරික අරමුණු ඉදිරියට ගෙන කටයුතු කළ බවට චෝදනාවක්ද සොයිසා මහතා සිදු කළේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.










