ඇතැම් රටවල පාලකයන් කොරෝනා රෝගයට නිසි ප්‍රතිචාර දැක්වීම සදහා තම රටේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇදන් පිරී ඉතිරී යන තුරු මන්දගාමීව බලා සිටි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බරපතළ චෝදනාවක් එල්ල කොට තිබේ.
ඉන්පසුව සෞඛ්‍ය සේවකයන් සදහා පෞද්ගලික ආරක්ෂක උපකරණ සෙවීමට පොර බැදූ බවත්, ඒ අතරතුර රෝගය ශීඝ්‍රයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වී ගිය බවත් එම සංවිධානය චෝදනා කොට ඇත.
වසංගතය ගෝලීය අවදානමක් කරා ගමන් කළ ආකාරය පිළිබද සොයා බැලීමට හිටපු නවසීලන්ත අගමැතිවරියක වන හෙලන් ක්ලාක් මහත්මියගේ සභාපතීත්වයෙන් යුතුව ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් පත් කළ ස්වාධීන කමිටුවක් මගින් මෙම වාර්තාව නිකුත් කොට තිබේ.
එමෙන්ම මෙම වාර්තාව මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකලාපයද විවේචනය කර තිබූ අතර එම චෝදනාවෙන් කියවුණේ මෙම ගෝලීය වසංගතය පැතිරීමත් සමග හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ යුතුව තිබූ නමුත් එය නිසි අවස්ථාවේදී සිදු නොවුණු බවකි.