• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටහේනේදී ඊයේ වෙඩි කෑවේ ඉන්දීය අත්අඩංගුවේ සිටින පූකුඩිකන්නාගේ ගෝලයෙක්! වෙඩි තිබ්බේ කංජිපානිගේ පැත්තෙන්? වෙඩි 3ක් වැදී තිබියදීත් කිලෝමීටර් 4ක් කාර් එක එලවගෙන ඉස්පිරිතාලෙටම ගිහින්! කාර් එකයි පොලිසියයි අතරත් අමුතු සම්බන්ධයක්!

January 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කොටහේනේදී ඊයේ වෙඩි කෑවේ ඉන්දීය අත්අඩංගුවේ සිටින පූකුඩිකන්නාගේ ගෝලයෙක්! වෙඩි තිබ්බේ කංජිපානිගේ පැත්තෙන්? වෙඩි 3ක් වැදී තිබියදීත් කිලෝමීටර් 4ක් කාර් එක එලවගෙන ඉස්පිරිතාලෙටම ගිහින්! කාර් එකයි පොලිසියයි අතරත් අමුතු සම්බන්ධයක්!
Share on WhatsAppShare on Facebook

පාකිස්තානු අන්තවාදීන් සමඟ එක්ව ඉන්දියාවේ සිට එල්ටීටීඊයට පණ දෙන්නට ගොස් ඉන්දියානු ආරක්ෂක අංශ අත්අඩංගුවේ රඳවාගෙන සිටින පූකුඩුකන්නා නමැති පාතාල අපරාධකරුගේ ගෝලයකුට ඊයේ (18) සවස 1.30ට පමණ කොටහේනේදී වෙඩි තබා තිබේ.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි රවීන්ද්‍රන් තීපන් නමැති ඔහුට වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් මෝටර් රථය හඹාගෙන පැමිණි ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු විසින් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

කොටහේන 06 වැනි පටුමඟේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර මෝටර් රථයේ ඔහු සමඟ තවත් අයකු ගමන් කරමින් සිට ඇති බව පොලිසිය කියයි. මෝටර් රථය පදවා ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අය බවත් ඊට යාබද අසුනේ සිට ඇත්තේ උදයන් නමැති අයකු බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

තීපන් නමැත්තාගේ උරහිසට, කන අසලට සහ උදරයට වෙඩි තුනක් වැදී ඇති බවත් වෙඩි ප්‍රහාර හමුවේ ඔහු කිලෝමීටර 04ක් පමණ මෝටර් රථය පදවාගෙන කොළඹ ජාතික රෝහලටම පැමිණ තිබෙන බවත් පොලිසිය කියයි.

රෝහලට පැමිණි ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

තීපන් ගමන් කරමින් සිටි මෙම මෝටර් රථය කාලයක් තිස්සේම පරිහරණය කර ඇත්තේ කොටහේන පොලිසියේ සේවයේ නිරතව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු බවට තොරතුරුද පොලිසියට ලැබී ඇත.

කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෝටර් රථය අසලම මෙම මෝටර් රථය නතර කර තිබෙනු කොටහේන පොලිසියේ නිලධාරීන්ට සුලභ දසුනක් බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම මෝටර් රථය පැදවූ උප පොලිස් පරීක්ෂකවරයාගේ චර්යාව ගැන පහළ නිලධාරීන් අවස්ථා කිහිපයකදීම සිය උසස් නිලධාරීන්ව දැනුම්වත් කර ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම කුඩු සෙල්විගේ පුතාගේ කණ්ඩායමක් විසින් කංජිපානි ඉම්රාන්ගේ අවශ්‍යතා මත සිදු කර ඇති බවට සැකයක් ද මේ වන විට පාතාල අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් වෙත ලැබී තිබේ.

කංජිපානි ඉම්රාන්ගේ පියාව කපා කොටා තුවාල කිරීමට පළි ගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකයක්ද මතුවී තිබේ.

කංජිපානි ඉම්රාන්ගේ පියාව පසුගිය 2020 වසරේ ජුනි 17 වැනිදා මාළිගාවත්ත සද්ධර්ම මාවතේදී කපා කොටා ඝාතනය කිරීමට තැත් කරනු ලැබීය.

එම ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනකු මේ වන විට ඝාතනය වී ඇති අතර තවත් දෙදෙනකු වෙඩි ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලබා ඇත.

පූකුඩිකන්නාගේ කොන්ත්‍රාත්තුවට අනුව කංජිපානිගේ පියාට ප්‍රහාරය එල්ලවී තිබුණි.

ඊට ඊයේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේද සම්බන්ධයක් ඇතැයි කියැවෙන බව පාතාල අපරාධ මර්දන පොලිස් කණ්ඩායම් සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

නුවරට යන්න ගිය පේරාදෙණි සිසුන්ට පොලිසිය මහ රෑ කඳුළු ගෑස් වතුර ගහලා එළවයි! VIDEO

Next Post

23 සිට සතියක් රටම කළු වෙයි!

MORE NEWS

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

Load More
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

ඔබතුමියත් ආණ්ඩුවේද? රතු කට්ටේදී සුජීවට රතුකට්ට පනී... රතු කට්ට හොඳටම උණුසුම් Sri Lanka Latest News

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.