• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුට්ටිගේ වම්බටු කතාවට කතානායක කනගාටු වෙයි! ඒත් කුට්ටි වැරැද්ද පිළිනොගනී! වචන 3 ගැන සජබය ලැජ්ජා වෙයි!

November 23, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
කුට්ටිගේ වම්බටු කතාවට කතානායක කනගාටු වෙයි! ඒත් කුට්ටි වැරැද්ද පිළිනොගනී! වචන 3 ගැන සජබය ලැජ්ජා වෙයි!
Share on WhatsAppShare on Facebook

අශෝභන වචන භාවිත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ට මෙන් ම පිටස්තර පාර්ශවයන් ට අපහාස වන අන්දමින් සිදුකළ කථාවලින් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු‍ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ට කථානායකවරයා විසින් දැඩි ලෙස අවවාද කර තිබේ.

අද (23) උදෑසන 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමග සභාව අමතමින් කථානායවරයා මේ බව පැවසීය.

පාර්ලිමේන්තු‍ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කාන්තාවන් ට අපහාස කරමින් පාර්ලිමේන්තු සභාගර්භයේ දී සිදුකළ අශෝභන කථාව සම්බන්ධයෙන් තමාගේ කනගාටුව ප්‍රකාශ කරන බව ද මෙහිදී කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයන් ඉදිරියේ ඇතිවීම වළක්වා ගැනීම සඳහා දෙපාර්ශවයේ ම ප්‍රධාන සංවිධායකවරුන් විසින් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස ද කථානායකවරයා දැනුම් දෙනු ලැබීය.

මෙවැනි තත්ත්වයන් මින් ඉදිරියටත් පාර්ලිමේන්තුව තුළ සිදුකරනු ලබන්නේ නම්, ස්ථාවර නියෝග අනුව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව ද කථානායකවරයා මෙහිදී පැවසීය.

“තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිතුමා විසින් විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට අපහස කරමින් මෙම උත්තරීතර සභාගර්භයේ දී කරන ලද එම අශෝභන කථාව පිළිබඳව මාගේ කනගාටුව ප්‍රකාශ කරන අතර, මෙවැනි අයෝග්‍ය, අශෝභන වචන භාවිත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම පිටස්තර පාර්ශවයන්ට අපහාස කරමින් කරන ලද කථාවලින් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට දැඩි ලෙස අවවාද කරමි.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් 2021.11.20 වනදින දී සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රිනිප රෝහිණී කුමාරි විජේරත්න මහත්මියට හා පිටස්තර තවත් කාන්තාවකට අපහාස වන අයුරින් යම් ප්‍රකාශයක් සිදුකර තිබුණි.

ඒ සම්බන්ධයෙන් රෝහිණී කුමාරි මන්ත්‍රිනිය විසින් ඊයේ (22) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

එහිදී තිස්ස කුට්ටිආරච්චි මහතා සිදුකළ ප්‍රකාශයට  එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙසත් කථානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

එම ඉල්ලීම අනුව අද දිනයේ දී කථානායකවරයා විසින් මෙම අදහස් පළ කර සිටියේය.

පසුව තිස්ස කුට්ටිආරච්චි මහතාට ද මේ පිළිබඳව අදහස් දැක්වීමට කථානායකවරයා විසින් අවස්ථාව ලබාදුන්නේය. 

එහිදී අදහස් දැක්වු තිස්ස කුට්ටිආරච්චි මහතා,

“සමාවෙන්න කථානායකතුමනි, අයවැය විවාදයේ දී කරපු කථාව සම්බන්ධව විපක්ෂයේ මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රිතුමිය මට තේරෙන්නේ නෑ. මම කියපු අසභ්‍ය වචනය මට කියන්න. කථානායකතුමනි, මම වල් නෑ. අහපු මිනිස්සු වල් වුණාට මට කරන්න දෙයක් නෑ. මම කිව්වේ යහපත් සිතින්. මම බටු ගැන කිව්වහම කොහොම ද  කාන්තාවන්ට අපහසු වෙන්නේ. එහෙම අසාධාරණයක් මට කරන්න එපා. මම සමාව ගන්නවා ජාතියෙන් ම මට පැහිදිලිව කියන්න කාන්තාවන් ට අපහසුතාවයට පත්වෙන විදියට මම කියපු පරුෂ වචනය මොකද්ද කියලා.”

මෙහිදී කාන්තා සංසඳයේ සභාපතිනි, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, සභාවේ උත්තරීතරත්වය ආරක්ෂා වන ලෙස සියලුදෙනා හැසිරිය යුතු බවය.

“මේ සභාගර්භයේ ඉන්නවා මන්ත්‍රීවරු 225ක්. ඒ 225ට අදාළ කරුණු කාරණා මිසක් මින් පරිභාහිරව ඉන්න කාන්තා සහ පුරුෂයින්ගේ නම් මේ සභාවට ගේන්න එපා කියලා මම ගෞරවයෙන් ඉල්ලනවා. සභාවේ උත්තරීත්වය රැකෙන්නේ 225 දෙනාගේ හැසිරීම අනුව. දරුවෝ බලාගෙන ඉන්නවා. කාන්තා මන්ත්‍රීවරු ඉන්නේ 12යි. පක්ෂ හෝ විපක්ෂ මන්ත්‍රීවරියන්ට අසභ්‍ය හෝ වක්‍ර ප්‍රකාශ ඇත්නම් ඒවා හෙළා දකිනවා ඒවට විරුද්ධව කටයුතු කරන්න.”

මේ පිළිබඳ අදහස් දැක්වු නලීන් බණ්ඩාර මහතා,

“මේ වචන තුන දැන් ආයම කියන්නේ නෑ. අපිට කැතයි. ලැජ්ජයි. හිරිකිතයි. ඒ වචන තුන ඕන වචනයක යට අර්ථයක් ඇතුව කතා කරන්න පුළුවන්. එදා මෙයා චැලේන්ජ් කරා එහෙම ඔප්පු කරොත් මන්ත්‍රීකමින් අයින් වෙනවා කියලා. දැන් තමුන්නාන්සේ මේ සභාවට නිගරු කරන්නේ නැතිව යන්න ගෙදර… යන්න ගෙදර…”

SendShareShare
Previous Post

පාස්කු විත්තිකරුවන්ට එරෙහිව නඩුව යළි කැඳවන්න දින නියම වෙයි!

Next Post

ග්ලයිෆොසේට් තහනම අයින් කළ ලොක්කා ගෙදර!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.