දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී කඩු පොලු අතැතිව ත්‍රීරෝද රථ දෙකකින් කඩා වැදුණු 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පුද්ගලයකුට සහ ඔහුගේ නැගණියට තියුණු ආයුධවලින් හා පොලුවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව වාර්තා වේ.
පසුව පලායමින් සිටි එම කණ්ඩායම ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
එම සැකකරුවන් සමග ඔවුන් පැමිණි තීරෝද රථ දෙක, කඩු හතරක්, මන්නා තුනක් හා පොලු මුගුරු දෙකක් පොලිසියේ භාරයට ගෙන ඇත
සිද්ධියෙන් බරපතළ තුවාල ලද 52 පුද්ගලයා සහ ඔහුගේ නැගණිය වන 47 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත










