කැබිනට් මණ්ඩලය 20 බවට පත් කරමින් මීට සුලු මොහොතකට පෙර ජීවන් තොණ්ඩමන් සහ පවිත්‍රා වන්නිආරච්චි කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දුන්නේය.
ඒ අනුව ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙසත්, පවිත්‍රා වන්නආරච්චි මහත්මිය වනජීවී අමාත්‍යවරිය ලෙසත් දිව්රුම් දී ඇත.
එමෙන්ම ඉදිරියේදී තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනකුද කඩින්කඩ දිව්රුම් දීමට එකගතාවයක්ද ජනාධිපතිවරයා සහ පොහොට්ටුව අතර ඇතිවී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත කැබිනට් මණ්ඩලය 30 දක්වා ඉහළ යාමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.










