• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒ බෙදිල්ලයි මේ බෙදිල්ලයි ! Sri Lanka Latest News

June 3, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඈත අතීතයේ රජ බිසවුන්නාන්සේ කෙනකුට දරුවකු ලැබෙන්නට ආසන්නව ඕ විලිරුදාවෙන් කෑගසන්නට වූවාය. ඇගේ ඒ වේදනාව බෙදාහදා ගන්නට සහ උදව්පදව්වට මහ වෙදනා ප්‍රමුඛ දැසිදස්සෝ සිරියහන් ගබඩාවේ පොරකකා උන්හ. අයෙක් අත්පා මෙහෙවර කරති. තවත් අයෙක් සැනසිලි බස් බෙනෙති. නානා විප්‍රකාර එක යමරයකි. (Sri Lanka Latest News)

ඔය අතරේ ඒ මාලිගයේම වාලියක් (වහලිය) දරුවකු ලබන්නට වේදනා විඳිමින් උන්නාය. තම හිතවතිය බොහෝ වේලාවකින් නුදුටු හෙයින් ඇගේ යහළු වාලියක් විසින් සොයාබලන ලද කල්හි ඇය ඉස්තාලය අසල පිදුරු ගොඩක ඇඹරෙමින් හුදකලාව සිටිනු දක්නා ලද්දීය.
ඇයට අත්පා මෙහවරට, සැනසිලි බස් බිනිීමට තබා, පිපාසයට පැන් පොදක් ගෙන්වා ගැනීමට හෝ කෙනකුන් ද ළඟපාතක නොවීය.
තම කුලකයේම මිතුරිය ඒ අවස්ථාවේ සිටි තත්ත්වය ගැන බෙහෙවින් කම්පාවටත්, කෝපයටත් පත් ඇය “බිසවුන්නාන්සෙගෙ රුදාව විතරයි රුදාව” යැයි උස් හඬින් කීවාය.

ඒ කතාපුවත මාලිගය ඉක්මවා නුවර පුරා ගොස් පරම්පරානුගත ජනප්‍රවාදයක් වශයෙන් අප අතරටද පත්ව “බිසවුන්නාන්සෙගෙ රුදාව විතරයි රුදාව වාලිගෙ රුදාව, රුදාව නෙමේ” ලෙසින් ශේෂෝපගතව පවත්නේය. ඒ කතා පුංජයේ හරය වේදනාව කාටත් පොදුය යන්නය.

විලි රුදාව පමණක් නොව ඒ අන්දමේ ධර්මතා ගණනාවක් පොදු ධර්මතා වශයෙන් මානව හිමිකම් ප්‍රඥප්තියටද ඇතුළත් කෙරී තිබේ. ඉන් පළමුවැනි පොදු සාධකය වශයෙන් කුසගින්න සැලකේ. “සබ්බේ සත්තා ආහාරට්ටිටිකා” ලෙසින් බුදුන් වදාළේ ඒ ධර්මයයි,
කුසගින්න නොහොත් බඩගින්න ඇමෙරිකාවේ ජනාධිපතිටත් ලෝකයේම ධනවතා වන බිල් ගේට්ස්ටත් පමණක් නොව ඉතියෝපියාවේ පුලන්නකුට පවා එක සමානවම දැනෙන බව ඉන්දියාවේ සහ චීනයේ මොන්ටිසෝරි දරුවන්ට පවා ප්‍රත්‍යක්‍ෂ බව ලෝකයාම (ජාත්‍යන්තරය) ප්‍රත්‍යක්‍ෂ කරගත්තේ අර දෙරටේ දරුවන් තමන්ගේ පොකට් මනි පවා එකතු කර අපට ලැබෙන්න සැලැස්වූ හෙයින් පමණක් නොවේ.

ඇයි ඉන්දියාවේ යාචක භවතුන් තමන් වහන්සේලා විසින් සිඟා ලද්දාවූ පෝක්කඩේ එවපු එක.
බඩගින්න (නැති බැරිකම) ගැන මගේ පපුකැවුතුවල පවා තැන්පත්වන ප්‍රකාශය කෙළේ ගරු මර්සලීන් ජයකොඩි පියතුමාය.
“මගේ නත්තල දුප්පතුන් බත්කන දාය” එතුමෝ කීහ.

බඩගින්නට ජාතියක්, භේදයක්, කුලයක් මලයක් නැත. සිංහල, දෙමළ, බර්ගර්, පාකිස්තාන් කවුරුත් එකය. හකුරු, පදු, බත්ගං, හලාගං, හංදුරු, කෝඳුරු ඔක්කොම එක බෝට්ටුවේමය. ආවේත් එකම තැනකින් එකම අන්දමටය.
බඩගින්නේ හෝ නැතිබැරිකමේ හෝ ඉන්න කොයි එකා හෝ බත් වේලක් කනවා නම් ඒ අපේ සතුටය. ඌ අපේ එකෙක් නිසාය.
මා දන්නා අඳුනන මගේ මිතුරන් කීපදෙනකු කෙරෙහි මම කේන්තියෙන් පසුවීමි. ඒ මිතුරන් ඇතැමකු විශ්‍රාමික පාසල් ගුරුවරුන්ය. ඇතැමකු විශ්‍රාමික විදුහල්පතිවරුන්ය. නැතහොත් නියෝජ්‍ය මට්ටමේය. මම ඔවුන් නිසා අතැම් වෙළෙඳ සල්වලට යාමෙන් වැළකුණෙමි. ඒ මගේ නොදැනුවත්කම නිසාය.
වයස අවුරුදු අසූවකට ආසන්න මගේ මිතුරෙක් දින කීපයකට උඩදී මා සොයා ආවේය. හෙතෙම විශ්‍රාමික ගුරුවරයෙකි. පුතුන් දෙදෙනා විවාහයෙන් පසු උපන් ප්‍රදේශයෙන් පිට වෙනත් ප්‍රදේශවල දරුමල්ලන් සමග ජීවත්වෙති.

‘නෝනයි මමයි අපේ ගෙදර ජීවත් වෙන්නෙ. නෝන රස්සාවක් කළේ නෑ. අවුරුදු විසිඅටක් මම වැඩ කළා. අපි දෙන්නගෙ ලෙඩවලට බේත් ගන්න විතරක් මාසෙකට රුපියල් හතළිස් දාහකට වැඩිය යනවා. සමහර වෙලාවට මම සුමානෙ දෙකේ බේත් ගන්නෙ නෑ. අපට වෙන ආදායමකුත් නෑ. පුළුවංනං මට මොකක් හරි රස්සාවක් හොයල දෙන්ඩ, මහත්තය හැමෝම අඳුරනවනෙ.’

‘ආණ්ඩුවෙං ඊයෙ පෙරේද 2,500ක් වැඩිකෙරුව. ගෝට මහත්තය ආපු ගමං 5000ක් වැඩි කෙරුව. මගෙ පැන්ෂන් එක තිබ්බෙ 23,000යි. දැන් ඔක්කොම 30,000ක් විතර ලැබෙනව. බේත් ටික ගත්තාම දැන් ජීවත් වෙන්න විදියක් නෑ.’
මම වෙළෙඳසල්වල බඩුකිරන, සති පොළේ මුදලාලිලාට අත් උදව් දෙන මගේ විශ්‍රාමික මිතුරන් කෙරෙහි තිබූ ද්වේෂය වෙනුවට පපුව වැළපෙන්නට තරම් අනුකම්පාවක් උපන්නේය.

තම දුවා දරුවන්ගේ ඕනෑ එපාකම් ඉටුකිරීමට තමන්ගේ ආත්ම ගෞරවය බල්ලට දමමින් මෙසේ බැලමෙහෙකම් කරන්නේ කාලයක් සමාජයේ ගෞරව බහුමානයට පත් වැදගතුන්ය. මේවා මොළේ උඩ ඉඳගෙන රට සශ්‍රීකයි කියන උන්ගේ දැනගැනීම පිණිස කියන්නෙමි.

අප වාගෙම කාලයක් තිස්සේ අනන්ත අප්‍රමාණ දුක්ඛ fදා්මනස්සයන් විඳි උඩරට සහෝදරයන්ට දෛනික පඩිය රුපියල් එක් දහස් හත්සියයක් කළ බවට නිවේදනය කිරීම අසන්නට ලැබීමද සතුටකි. එහෙත් ඒ ගැනද අසන්නට ලැබෙන කතාද කෝටියකි. ඒ සහෝදරයන් වෙනුවෙන් කතා කරන්නට බොහෝ දෙනා සිටිති. මේ වන විට ඔවුන් වෙඩිමුර පත්තුකරන හඬද ඇසේ. තම අයිතීන් වෙනුවෙන් අඩුම වශයෙන් ඒ සහෝදරයන්ට හෝ උද්ඝෝෂණය කර යමක් ඉෂ්ට සිද්ධ කරගැනීමේ ශක්තිය ඇත.

එහෙත් යථෝක්ත විශ්‍රාමිකයන්ට කාගේ පිහිටක්ද?උඩරට සහෝදරයන්ට වැඩිකළ ප්‍රමාණය කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි එකක් නොවන බවද කිව යුතුය. මාසික වශයෙන් ඒ ප්‍රමාණය රුපියල් 50,000කට ආසන්න විය හැකිය. එහෙත් අවුරුදු විස්සක් විසි පහක් සේවය කළ කෙනෙකුට එල්ලූ රුපියල් 7500ත් සමග ලැබෙන ප්‍රමාණය රුපියල් 30,500ක් තරම්ය.

යථෝක්ත මගේ මිතුරු විශ්‍රාමිකයගේ දත්ත අනුව බලන විට රටේ විශ්‍රාමිකයන් බොහො දෙනා මැරී නොමැරී ජීවත් වන්නෝය.
සෑම දෙයක්ම කිරියෙන් පැණියෙන් උතුරන බව පේන කණ්ණාඩි කුට්ටං දමාගෙන වැජඹෙන රංගේ බණ්ඩාර, වජිර අබේවර්ධන, මනුෂ නානායක්කාර වගේ මහත්තුරුන්ට වගේම අපේ ජනාධිපතිතුමාටත් මේ රටේ විශ්‍රාමිකයන් යැයි කියන කණ්ඩායමක් සිටින බව පේන කණ්ණාඩි නැතත් කුට්ටංවත් ඇති බවක් නොපෙනෙන බැවින් එහෙම ගොයියන්ද සිටින බව සිහිපත්කර දෙන්නට මෙසේ ලීවෙමි.
එසේ සිටිනවා යැයි කීම පමණක් මදි නිසා ගණන් හිලව්ද දැක්විය යුතු මනාය. හැරමිටියෙන් යන ටයිප් එකේ උදවිය ලක්‍ෂම අටක් සිටිනවෝය. රාජ්‍ය සේවයේ උදවියද ලක්‍ෂ පහළොවක් ඉක්මවා සිටිත්. මේ දෙගොල්ලන්ගෙම වැඩි දෙනෙක් බොහෝම සන්තෝෂයෙන් මෙන්ම තංතෝසෙන්. වෙලාව එනකල් ඇඟිලි ගැන ගැන සිටින්නෝය.

අපේ ජනාධිපතිතුමා කඳුකරේට ගිහිං ලෝස් නැතුව ඉඩං බෙදන්නහේ ඉස්සර මැතිනියගෙ කාලෙත් ඉඩම් බෙදුවාය. ඉන්දියන් සාගරයේ තෝරු මෝරු පමණක් නොව තොණ්ඩයො ලාග්ගො හාල්මැස්සො මෙන්ම කූනිස්සො පවා ඒකට තුටුපහටුව උඩපැන්නෝය.
මට මතක හැටියට නුවරඑළිය තනි ආසනයකි. ගාමිණී දිසානායක පමණක් ඒ කාලයේ සිටියේය. එය ඔහුටම සින්නක්කර ලියා දුන්නාක් වැන්න.
මැතිනිය එහි පදිංචිකරුවන්ට ඉඩම් වෙන්කර දීමෙන් පසුව නුවරඑළිය බහු ආසනයක් වූවේය. අනුර බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරයා වශයෙන් පත්කෙරුණේය. (ඉඩම් කෑලි කඩා දීමෙන් සිදුවීමට නියමිත විපත ගැන උගත්තු මොර දුන්හ. ඒවා කනකට හෝ ඇහුණු බළලෙකු හෝ නොවීය.)

ඔය වාගෙ ඉඩම් බෙදාදීමාදී පුණ්‍යකර්මවල මහත්පල මහත් ආනිශංස ඒ ආත්මයේම ලැබේ. ඒ පුණ්‍යකර්ම සාංදෘශ්ටික කුශලකර්ම නමි. ඒ මේ ආත්මයේම ඇස්පනාපිටම කුශලය පල දෙන හෙයිනි.
අනුර බණ්ඩාරනායක මහතා ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තු ගියේය.

කලෙකදී අපේ රටේ තිබූ පොල් වතු කෑලි කඩා විකුණනු ලැබුවේය. ප්‍රතිඵල ඇස්පනාපිටය. ගමේ ඒ කාලයේ සත දහයට තිබූ ගෙඩිය රුපියලටත් ගියේය. පොල් ගස් කැපීමද එල්ලුංගස් යැවෙන තරමේ වරදක් වූවේය. මැතිනිය සිය පුත්‍රරත්නය මහවාසලට ගෙනයාමට වතු කට්ටිකර දීමෙන් තේ වගාව නැතිවූයේය.
හැබැයි මෙවර ඉඩම් දීමෙන් කොයි ලොක්කා ජනාධිපති වෙයිද කියන්න බැරිය. ඒකට තවම කල් වැඩිය. ඒත් එකක් කිව යුතුය. බෙදූ එකාට නම් බැරිය. එසේ වුවත් පියදාස සිරිසේන මහතා ලියූ කවියක දෙපදයක් නම් සඳහන් කළ යුත්තේමය.
“මේපත විපත තවමතු විපතෙක මුලක
වාගත නොහැක ගිනි ඇවිළෙයි……” ආදී වශයෙනි.

ඇත්ත වශයෙන්ම ඒ ඇවුළුණු ගින්න තවත් ඇවිළෙයි. නිවීමේ ස්වභාවයක් පේන තෙක්මානයේද පෙනෙන්නට නැත.
“මයිනයියා රටට පේන්ඩ ගෝරිලි සිද්ධාන්තයෙන් පපුවට ගසා ගනිමින් පන්සල් ගානේ ගිහින් මට වඩා බුද්ධාගංකාරයකු නැතැ”යි පෙන්වා පුටුවට නැගීමේ පූර්වාදර්ශය ඊටත් ඉස්සර කළේ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක උන්නැහේය.

“ආසියාවේ එවක රිදී සීනුව වූ උන්නැහේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බව දේශපාලන වේදිකාවල කීවේය. (උන්නැහේගේ ඒ කල්කිරියාවෙන් නැහුණේ උන්නැහේ පමණක් නොවේ. මුළු රටමය. මතු මත්තේ උපදින්නට සිටින එවුනුත් එක්ක හත්මුතු පරම්පරාවමය)
මරික්කාර් මංත්‍රීතුමාගේ වචනයෙන් කියනවා නම් ඒ වැඩෙන් කෙළවෙන්නට පටන් ගත්තේය. කවුරු මොනවා කීවද රට ගැන කැක්කුමත් දුර දක්නා ඥානයත් තිබූ නානායක්කාර පතිරගේ ආචාර්ය පෙරේරා මහතා (ඇත්ත වශයෙන්ම එතුමා මහත්මයෙකි) වෙන්නට යන වින්නැහිය පුංචි සමීකරණයකින් කීවේය.
One language two countries. Two languages one country. කීවා වාගේම අවුරුද්දක් දෙකක් යන්ඩ ඉස්සර වැඩේ සිද්ධ වූවේය. මොටෝ රථවල අංක තහඩුවට ශ්‍රී අකුරක් එක් කිරීමෙන් ගින්නට පැට්ට්‍රෝල්ද වැටුණේය. ඒවා යළි යළිත් නොවේවායි කියමු. පතමු.
විලියම් ෂේක්ස්පියර්ගේ වැනීසියේ වෙළෙන්දා කතාවේ ෂයිලොක්කා එක් චරිතයකි. ඔහු ඉල්ලුවේම පපු පෙදෙසෙන් දෙන බවට පොරොන්දු වූ මස් රාත්තලමය. අපේ මංතිරි ලොක්කලාද ෂේක්ස්පියර්ගේ ඒ ලොක්කා වගේමය. ඉල්ලන්නේම මහජනයාගේ රිහිරි මාංසෙමය.

ඉහත දැක්වූ විශ්‍රාමිකයා තමාට බෙහෙත් නොගෙන තම ජීවිතය ගැන නොසිතා නොබලා තම මරණය හිස මතට ගෙන බිරියට බෙහෙත් ටික සපයයි. එහෙත් රජයට බදු ගෙවයි. දැන් පරෙයියන්ගේ වේශයෙන් සිටින පරයෝ (පර-අනුන්-අනුන්ට සේවය කරන්නෝ) මහජනයාට සේවය කිරීම සඳහා වාහන ඉල්ලති. ඕක කැබිනට් එකෙන් අනුමත නොකර සිටින්නට බැරිකමක් නැත. ලොක්කා ඒවා දෙනවාද නැද්ද කියන්නට දන්නේ නැත. කතාවට දස්සයාගෙන් ඉල්ලා ඇති බව කියති.

ඉහමොළ ඇති යකුණේ. තොපි අඹුදරුවන් උකස්කර බදු ගෙවන්නේ මේකටද? කාර් පමණක් නම් මදෑ ඇයි බාර්.
ලොක්කා තම වාසියට ලෝස් නැතුව දෙන්නේ මහජන මුදල් මිස තමන්ගේ ඒවා නොවේ.
ඔය අතරේ අංකුර තලා දමයි. අංකුර යනු හැදෙන්නට වැඩෙන්නට එන දැවැන්ත ගස්ය. ලෝකයට සෙවණ සදන දැවැන්ත වෘක්‍ෂයන්ය. සිහිමොළ ඇති මිනිසුනේ, මුන්ගේ තියෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය බලව්.

අර මනුස්සයා (මනං උස්සතීති මනුස්සෝ) රට පුරා දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය දේ, මහජන මුදල් හොරකම් නොකර තම හිතවතුන්ගෙන් උපයා සපයා ගෙන බෙදාදෙයි. මේ වනවිට රුපියල් ලක්‍ෂ දෙදහස් දෙසීයක් වටිනා පරිගණක පමණක් බෙදාදී තිබේ.
දිවයින පුරා ඔක්කොම පාසල් දෙසීයකට ගොඩනැගිලි, බස් රථද පිරිනමා ඇතැයි කියති. මේ කරන දේවල් දරා ගෙන සිටිය නොහී ඒ මනුස්සයාට මඩ ගසයි… මරාගෙන කන්න හදයි.

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ගංගා උතුරයි! බද්දේගම ජලයෙන් යටවෙයි! ගමනාගමනයට දැඩි බාධා! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී මන්ත්‍රීවරුන් දෙන්නෙක් ගහගනී! එක මන්ත්‍රීවරයෙක් තුවාල ලබා රෝහලේ!  I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.