ආහාරයට නුසුදුසු පිළිකාකාරක අඩංගු බවට සැකකරන ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරය ආසන්නයේ ඉඩමක සඟවා තිබියදී සිය බාරයට ගත් බව දංකොටුව පොලීසිය කියයි.
මෙම බවුසර් දෙක තුළ පොල්තෙල් ලීටර් පනස් පන්දහසක් (55000) අඩංගුව ඇති බවත් ඒවා ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව අත් අඩංගුවට ගත් බවුසර් දෙක වත්තල එඬෙරමුල්ල ප්රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් ඒවා බවට තොරතුරු අනවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් පොල්තෙල් බවුසර් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්රී ලංකා රේගුව වෙත භාරදීමට නියමිතය.
ජායාරූපය ලංකාදීප අඩවියෙනි.










