• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එඩ්වින් ආරියදාසයන් ගැන ජනපති කී කතාව

January 25, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
එඩ්වින් ආරියදාසයන් ගැන ජනපති කී කතාව
Share on WhatsAppShare on Facebook

අද (25) දින රාජ්‍ය ගෞරව සහිතව දැයෙන් නික්ම යන කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කොට තිබේ.

එම නිවේදනය මෙසේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස යහපත් මාධ්‍ය කලාවක් ගොඩනැගීමට සහ ප්‍රාමාණික වියතෙකු ලෙස කලා සහ මානව ශාස්ත්‍ර විෂයය ගණනාවක ප්‍රගමනයට දායක වූ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අභාවය පිළිබඳ පුවත බලවත් සංවේගය දනවන්නකි. බහුවිධ ක්ෂේත්‍රයන්හි තමන් සතුව තිබූ පැතිරි දැනුමෙන් ජන මනස පෝෂණය කිරීමට එතුමන් කළ මෙහෙවර සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙන් යුතුවය.

බහුතර ජනතාව ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා හඳුනාගෙන සිටියේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙසිනි. ලේක්හවුස් ආයතනයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සහභාගි වෙමින් ජාතික පුවත්පත් රැසක ප්‍රවර්ධනයට දායක විය. සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙහිම හසල දැනුමක් ඇතිව සිටි ඔහු ඉංග්‍රීසි බසින් තමා උගත් දේ සිංහල පාඨකයාට සහ ශ්‍රාවකයාට නොමසුරුව බෙදා දුන්නේය. ආරියදාසයන් ‘ඇවිදින පුස්තකාලය” යන අන්වර්ථ නාමයෙන් අගයනු ලැබූයේ ඔහු රැස්කරගත් දැනුම් සම්භාරය නිසාය.

එඩ්වින් ආරියදාසයන්ගේ ආකර්ශණීය ලේඛන ශෛලිය සහ සංකීර්ණ විෂයයන් සරල බසින් පැහැදිලි කිරීමේ හැකියාව දසදහස් සංඛ්‍යාත මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ග්‍රාහකයන් ඔහු වටා ඇද බැඳ ගැනීමට හේතු විය. ලෝක ආර්ථික, දේශපාලන සහ සමාජ ප්‍රවණතා පිළිබඳව නිරතුරු අවදියෙන් පසු වූ ලේඛකයෙකු සහ විචාරකයෙකු ලෙස ද ඔහු නමක් දිනාගෙන තිබිණ. ඔහු අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙහි ජනමාධ්‍ය විෂයය ස්ථාපනය කොට වර්ධනය කිරීමට කළ කාර්යභාරය පැසසුම් කටයුතුය.

භාෂා විශේෂඥයෙකු වූ එඩ්වින් ආරියදාසයන් මාධ්‍ය ශබ්ද කෝෂයට එක්කළ පාරිභාෂිත වචන රැසකි. අසූව දශකයේ රූපවාහිනිය ආගමනයේ දී වැඩසටහන් සම්පාදනයට ඔහු සක්‍රීය ලෙස දායක විය. විද්‍යා ලේඛකයෙකු, සිනමා විචාරකයෙකු, පරිසරවේදියෙකු ලෙස ද එඩ්වින් ආරියදාසයන් කීර්තියට පත්ව සිටියේ ය. බහුවිධ විෂයය ක්ෂේත්‍රයන්හි ප්‍රදර්ශනය කළ විෂධ බව නිසාම එතුමා “කලාකීර්ති” ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබීය.

ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ අභාවය අපේ සමාජයේ විශාල රික්තයක් නිර්මාණය කරයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාසයන්ට අජරාමර නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

SendShareShare
Previous Post

මරාදැමුණු සහ අතුරුදන් වුණු මාධ්‍යවේදීන් හෙට කොළඹදී එළියට

Next Post

‘සිරස’ හිටි ගමන් ලංකාවෙම පෝස්ටරයක් ගහයි

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.