පක්ෂයේ ව්‍යවස්ථාව අනුව සහ සම්ප්‍රදායන් අනුව යමින් කෘත්‍යාධීකාරී මණ්ඩලය හරහා එජාප ජනපති අපේක්ෂකයා තෝරාගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තීරණය කර ඇත.
අද (11) සවස 5.30ට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගෙන තිබේ.
මෙම රැස්වීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් 10 දෙනකු සහභාගී වී සිටි බව දැනගන්නට ඇත.
මෙම තීන්දුව සජිත් පාර්ශ්වය වෙත දැනුම් දීමටද එහිදී තීන්දුවක් ගෙන තිබේ.