අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව අතර පැවැති සාකච්ඡාවලදී කරුණු 3ක් යටතේ එකගතාවකට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව තමතමන්ට වාසි සහගත පළාත් පාලන ආයතන සදහා පක්ෂ දෙකම පොහොට්ටුව යටතේ හෝ අලියා ලකුණ යටතේ තරග වැදීමටත්, තවත් පළාත් පාලන ආයතන රැසකට පොදු ලකුණක් යටතේ තරග වැදීමටත්, අනෙකුත් පළාත් පාලන ආයතන සදහා වෙන වෙනම තරග කොට පළාත් පාලන ආයතන පිහිටුවීමේදී එක්ව පිහිටුවීමටත් එහිදී එකගතාවකට පැමිණ ඇති බව පැවසේ.
මෙම සාකච්ඡා අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
අද පෙරවරුවේ පැවැති මෙම සාකච්ජාව සදහා එජාපය නියෝජනය කරමින් වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන් සහභාගී වී සිටි අතර පොහොට්ටුව නියෝජනය කරමින් ඊට සහභාගී වී සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ය.