ආණ්ඩුව විසින් ඊයේ දිනයේදී පත් කළ රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනා නඩත්තු කිරීමට මාසයකට කෝටි 100කට ආසන්න මුදලක් හෙවත් රුපියල් බිලියනයක මුදලක් වැය වන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා කීය.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ ඇමැති වැටුප ගන්නේ නැති බව කීවද මෙම රාජ්‍ය අමාත්‍යවරුන් නඩත්තුවේදී එක් අයකුට ලක්ෂ 25කට ආසන්න මුදලක් වැය වන බවකි.
රට බරපතළ ආර්ථික අර්බූදයකට මුහුණ දී ඇති මේ මොහොතේ මෙවැන්නක් සිදුකිරීම කිසිසේත්ම පිළිත ගත නොහැකි එකක් බවද විතානගේ මහතා කියා සිටියේය.










