ආර්ථික මධ්‍යස්ථාන 4ක සේවකයන් හට හෙට (27) දිනයේදී කොරෝනා එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොළ සහ නුවරඑළිය යන ආර්ථික මධ්‍යස්ථාන සේවකයන් එන්නත් කිරීමට සැලසුම් කර ඇත.
පසුගිය දින කිහිපය තුළ මෙම මධ්‍යස්ථානවලින් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකුම හමුවීම හේතුවෙන් මෙසේ එම සේවකයන් එන්නත් කිරීමට සැලසුම් කර ඇති බව පැවසේ.










