වසර 6ක් තිස්සේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන්ගේ භෂ්මාවශේෂ අපේ ගම පරිශ්‍රයේ තැන්පත් කිරීමට ඊයේ පියවර ගැණින.
ඒ, අමරදේවයන්ගේ සිසුවියක වන නන්දා මාලිනිය විසිනි.
එහිදී ඇය සිය පෞද්ගලික මුදලින් අපේ ගම පරිශ්‍රයේ සුසානඝරයක් තනවා භෂ්මාවශේෂ එහි තැන්පත් කිරීමට පියවර ගෙන තිබිණ. -ඡායාරූපය ලංකාදීප පුවත්පතෙනි.
මේ සම්බන්ධයෙන් අප පසුගිය දිනෙක පළ කළ පුවත පහත දැක්වේ.
ඔන්න අපේ ආණ්ඩු කලාකරුවන්ට සලකන විදිහ! හෙළයේ මහා ගාන්ධර්ව අමරදේවයන්ගේ අසපුව හදන එක නවත්තලාලු! භෂ්මාවශේෂ තවම මල් ශාලාවේලු!
හෙළයේ මහා ගාන්ධර්වයන් ලෙස සැලකෙන පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ වෙනුවෙන් ඉදිකිරීමට සූදානම් වූ ‘අමරදේව අසපුව’ මේ වනවිට නවතා දමා ඇති බව වාර්තා වේ.
මෙම අසපුව ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදීය.
නමුත් මේ වනවිට එහි ඉදිකිරීම අතරමග නවතා දමා ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම ඒ මහතාගේ භෂ්මාවශේෂද තවමත් මල්ශාලාවේ තබා ඇති බව අද දින මාධ්‍ය වාර්තා කොට ඇත.










