මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය විශාල ආන්දෝලනාත්මක ප්‍රතිඵලයක් නිර්මාණය කරමින් විශාල ජයග්‍රහණයක් හිමිකරලා දුන්නා මාලිමාවට. ජාතික ජන බලවේගය ඡන්ද 8,98,759ක් ගනිද්දී ඔවුන්ට ලැබුණු ආසන ප්‍රමාණය 16ක්. සමගි ජන බලවේගයට ලැබුණේ ඡන්ද 1,50,000ක් විතරයි. පරතරයක් විදියට ගත්තම ලක්ෂ 7කට වඩා වැඩි පරතරයකින් ජාතික ජන බලවේගය මෙවර ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. මේ තත්ත්වය ඉතා ආන්දෝලනාත්මක තත්ත්වයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණේ ඡන්ද 49,516යි. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණේ ඡන්ද 47,512යි. සර්වජන බලයට ඡන්ද 25,932කින් සැනසෙන්න සිදුවුණා. මේ ප්‍රතිඵලයත් එක්ක සමගි ජන බලවේගයට කිසිම සුවිශේෂ දෙයක් කරන්න බැරිවෙන බව තමයි අපේ විශ්වාසය තිබුණේ. නමුත් මීරිගම ඡන්ද බලප්‍රදේශය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ආපු ප්‍රසාද් සිරිවර්ධනට පුළුවන් වුණා ආන්දෝලනාත්මක ජයග්‍රහණයක් සමග පාර්ලිමේන්තුවට එන්න. ප්‍රසාද්ට මේ ජයග්‍රහණය ලැබෙන්නේ සාමාන්‍ය තත්ත්වය ඉක්මවා ගියපු විශිෂ්ට ප්‍රතිඵලයකුත් එක්ක. (Sri Lanka Latest News)
ජාතික ජන බලවේගය මීරිගමදී ඡන්ද 61,619ක් ලබාගන්නවා. 71.86%ක ප්‍රතිශතයක් සමග. සමගි ජන බලවේගයට ලැබෙන්නේ ඡන්ද 12,058යි. ඔවුන්ට 14.6%ක ප්‍රතිශතයකින් සැනසෙන්න සිදුවෙනවා. මේ ප්‍රතිශතය ඉතාම අඩු අගයක්. අපි දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවැනි ප්‍රතිශතමය අගයක් අතින් ගත්තම ඉතා පහළ මට්ටමේ තිබුණු ජයග්‍රහණ කීපයක් තිබුණා. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ, ගම්පහ ඡන්ද බලප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය. ගම්පහ දිස්ත්‍රික්කයේ, ගම්පහ ඡන්ද බලප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලයේදී 76.48%ක විශිෂ්ට ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට ලැබෙද්දී සමගි ජන බලවේගයට ලැබුණේ 8.38%යි. 10%ක් ලබාගන්න වෙනත් කිසිම කණ්ඩායමකට හැකියාව ලැබුණේ නෑ. මෙය ඉතා ආන්දෝලනාත්මක සහ හරි පුදුමාකාර ප්‍රතිඵලයක්. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රතිඵලයක් ලැබේයැයි කිසිවෙක් කිසි දිනෙක විශ්වාස කළේ නැහැ. ඒ තරමටම මේ ප්‍රතිඵලය මහ පුදුමාකාර ප්‍රතිඵලයක් විදියට තමයි මුළු ලංකාවේම ඡන්ද විශ්ලේෂණය කරන්නන්ට දැනගන්න ලැබෙන්නේ. මේ ප්‍රතිඵලයත් එක්ක මෙවැනි තත්ත්වයක් යටතේ කවුද මේ ප්‍රසාද් සිර්වර්ධන, කොහොමද ප්‍රසාද් සිරිවර්ධනට මේ වෙලාවේ මේ වගේ ආන්දෝලනාත්මක වැඩක් කරන්න පුළුවන් වුණේ කියන එක අපි හොයන්න තීරණය කළා.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් මෙවර ජයග්‍රහණය කරනවා හර්ෂණ රාජකරුණා. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 67,004යි. කාවින්ද ජයවර්ධන මනාප 37,997ක් ලබාගන්නවා. ප්‍රසාද් සිරිවර්ධන මනාප 23,699ක් ලබාගන්නවා. ඔහු මනාප අඩු සංඛ්‍යාවක් ලබාගත්තත් ඔහුට හැකියාව ලැබෙනවා පාර්ලිමේන්තුවට තේරී පත්වෙන්න. විශේෂත්වය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වෘත්තීය දේශකයන්ගේ සංගමය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු රුවන් මාපලගම සහ අමිල ප්‍රසාද් සිරිවර්ධන කියන දෙදෙනාටම පාර්ලිමේන්තු වරම් හිමිවීම. රුවන් මාපලගම මනාප ඡන්ද 67,673ක් ලබාගෙන ජාතික ජන බලවේගයේ ආසන 16 අතරින් 8 වැනි තැනට පත්වෙද්දී අමිල ප්‍රසාද් සිරිවර්ධනට පුළුවන් වෙනවා සමගි ජන බලවේගයේ ආසන 3 අතරට එක්වෙන්න. මේ ජයග්‍රහණය විශේෂ වෙන්න හේතු කීපයක් තියෙනවා.
මීරිගම කියලා කියන්නේ එක්ස්ත ජාතික පක්ෂයේ බලකණු රැඳුණු තැනක්. එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වීමට පවා බලපාපු, ඩී.එස්.ලාගේ, ඩඩ්ලිලාගේ සේනානායක වලව්ව තියෙන්නේ ගම්පහ බෝතලේ ප්‍රදේශයේ. ඒ නිසා සාමාන්‍යයෙන් එජාප ජයග්‍රහණයක් මේ ප්‍රදේශයෙන් ලැබීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මේක එජාප ජයග්‍රහණයක් බවට පත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂය යටතේ තරග වැදුණා නම්. නමුත් මේක එක්සත් ජාතික පක්ෂය යටතේ තරග වැදීමක් නෙවෙයි. නමුත් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය තමයි මේ සමගි ජන බලවේගය බවට පත්වෙලා නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය ඉවත්ව ගියාට පස්සේ ඔහුට එක්සත් ජාතික පක්ෂය කියන නම ඔහු ළඟ තියාගන්න අවසර ලැබුණට පස්සේ සමගි ජන බලවේගය බවට පත්වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ නිර්මාණය වෙච්ච මෙන්න මේ පක්ෂය. මේ පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකයා වුණේ සජිත් ප්‍රේමදාස. ඔහුත් දැඩි එක්සත් ජාතික පක්ෂ බලයක් සහිතව පත්වුණු කෙනෙක්. ප්‍රසාද් සිරිවර්ධනලා පත්වෙන්නෙත් මේ කණ්ඩායමත් එක්ක.
ආන්දෝලනාත්මක ලෙස ඩී.එස්.ගේ ආසනයෙන්, ඩඩ්ලි සේනානායකගේ ආසනයෙන් අවුරුදු ගානකට පස්සේ තමයි මෙවර අපේක්ෂකයෙක් තේරී පත්වෙන්නේ. ප්‍රසාද් සිරිවර්ධන කියලා කියන්නේ ප්‍රසිද්ධ ගුරුවරයෙක්. ඔහු වෘත්තීය දේශකයෙක්. ඔහු ගම්පහ විතරක් නෙවෙයි බදුල්ල වගේ ප්‍රදේශවල පවා පන්ති පවත්වනවා. මේ වගේ ගුරුවරයෙක්ට මෙවැනි ජයග්‍රහණයක් මෙවැනි වෙලාවක ලැබිච්ච එක පුදුමාකාරයි. ගම්පහ දිස්ත්‍රික්කය තමයි ඔහුගේ ගම් ප්‍රදේශය වෙන්නේ. මේ ප්‍රදේශය නියෝජනය කරමින් තමයි ඔහු මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඔහු ඉතාම තීරණාත්මක, ඉතාම ප්‍රබල ජයග්‍රහණයක් තමයි මේ වෙලාවේ ලබාගත්තේ.

ජීවන පහන් තිළිණ










