මහපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන දෙමටගොඩ රුවන් නැමැත්තා 2017- 2019 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට මුහුදු මගින් කෝටි 700කට අධික වටිනා හෙරොයින් තොගයක් ගෙන්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම කාලය තුළ හෙරොයින් කිලෝ 720 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 321 ක, හෂීස් කිලෝ 30 මෙරටට ගෙන්වා ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
මෙම වසරේ අප්‍රේල් මස ඉන්දිය වෙරළාරක්ෂක බලකාය විසින් හෙරොයින් කිලෝ 340 ක් ප්‍රමාණක් සහිතව සැකකරුවන් පස් දෙනකු සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය ද දෙමටගොඩ රුවන් නැමැත්තා වෙත රැගෙන එමින් තිබූ ඒවා බවට හෙළි වී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.










