පසුගිය සතියේ නව මතවිමසුමක ප්රතිපල පැමිණ ඇති බවත්, එහිදී අලි-පොහොට්ටු සන්ධානයට හිමිව ඇත්තේ 10%ක ඡන්ද ප්රතිශතයක් පමණක් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ කුමන අසීරු තත්ත්වයක් යටතේ හෝ ලංකාවේ සිටි කිසිදු ජනාධිපතිවරයෙක් මුදල් සාධකය මත ඡන්ද කල් දමා නොමැති බවකි.










