අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටින කොළඹ ජනාධිපති කාර්යාලය සහ ගාලු මෝදර පිටියට ඉහළින් ගුවන් හමුදා හෙලිකොප්ටර යාන වට කිහිපයක් ගමන් කර තිබේ.
ඒ හේතුවෙන් අරගලකරුවන් යම් කැළඹීමට පත්ව ඇත. සමාජජාලාවල ඔවුන් අදහස් පළ කරන්නේ යම් ප්‍රහාරයක් එල්ල වීමට සූදානමක් ඇති බවටයි.










