ජනතාව මහත් පීඩාවකින් ජීවත් වෙන අවස්ථාවක දී දේශපාලඥයින් හෝ රාජ්‍ය නිලධාරින් මුදල් සොරකම් කිරීමට හෝ මුදල් අයථා ලෙස භාවිත කිරීමට උත්සාහ කරනවා නම්, ඔවුන්ට වැහි නැති හෙණ වදීවි යැ යි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
වීරකැටිය දෙබොක්කාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගි වෙමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.
තමන් 1994 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන බව පැවසූ අමාත්‍යවරයා, පාර්ලිමේන්තුව සජීවී ව විකාශය ආරම්භ කිරීමෙන් පසුව ද ජනතා නියෝජිතයින් හික්මීමකින් තොර ව කටයුතු කිරීම අප්‍රසන්න බව සඳහන් කළේය.










